ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ / රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නිසි වැඩ පිළිවෙලක්’ නොමැති කම නිසා විදේශ විනිමය සපයා ගැනීමේ ගැටළුවක් නිර්මාණයවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහරගම පැවති එ.ජා.ප. බල මණ්ඩල රැස්විම අමතා 2020.07.08 සිදුකළ කථාව

එක පවුලේ ජනාධිපති, අගමැති රට පාලනය කළත් ආර්ථික ප්‍රශ්න වලට විසදුම්ලබාදීමට නොහැකි වු බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට නැවත බලය දි රට විනාශය කරා ගෙන යනවාද එසේත් නැතිනම්ආර්ථිකය ගොඩනගා අතට මුදල් ලැබෙන එ.ජා.ප. පාලනයක් ඇති කරනවාද කියා රටේජනතාව අගෝස්තු 05 වැනිදා තීරණය කළ යුතු බව පැවසිය.

එක්සත් ජාතික පක්ෂය මෙවර මැතිවණයට ඉදිරිපත්ව සිටින්නේ ජනතාව අතට මුදල් ලබාදෙන ක්‍රමවේදයක් ඇති කර රටේආර්ථිකයට නව පනක් ලබා දීමට බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කලේ ඊයේ (08) මහරගම සහ කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැස්වීමඅමතමිනි.

තලපත්පිටිය නිව් සිරි උත්සව ශාලාවේදී පැවති මහරගම බල මණ්ඩල රැස්විම මහරගම එ.ජා.ප. සංවිධායක නිතිඥ සුදත් ජයසුන්දර මහතා සංවිධානය කර තිබු අතර, කොටිකාවත්ත සනස ශාලාවේදී පැවති කොලොන්නාව එ.ජා.ප. බල මණ්ඩල රැස්විම කොලොන්නාව එ.ජා.ප. සංවිධායක ජිනසිරි දඩල්ලගේ මහතා විසින් සංවිධානය කොට තිබිණි.

එම බල මණ්ඩල රැස්වීම්අමතා තවදුරටත් අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ මෙසේද කිය.

පාර්ලිමේන්තුවේසිටින මහජන නියෝජිතයින් 225 දෙනාම දියවන්නා ඔයට තල්ලුකල යුතු බව පසුගිය කාලයේ මෙරට වැඩිහිටි ජනතාව මෙන්ම තරුණ තරුණියෝද ප්‍රකාශ කළා.  නමුත් මේමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන අපේක්ෂකයින් කිසිවෙක් දියවන්නාවට දැමිය යුතු අය නොවෙයි.  එවැනි අය අපේ පක්ෂයෙන් මෙවර ඉදිරිපත් කර නැහැ.

අපි අද නැවත මේ රටේජනතාවගෙන් වරමක් ඉල්ලා සිටිනවා.  ඒ වරම ඉල්ලා සිටින්නේ ඔබේඅතට මුදල් ලබාදී රට දියුණු කිරිම සදහායි.   අද මේ රටේවිශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා.  ඒ අර්බුදය ඇති වුනේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා නොවෙයි.  එය ආරම්භ වුනේ පසුගිය ජනවාරියේදි බව කිව යුතුයි.

මේආණ්ඩුව නොවැම්බර් මාසයේදි රටේබදු ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කළා.  අලුත් බදු ක්‍රමයක් ගෙනවිත් රටේආර්ථිකයට පණ දෙන බව ඔවුන් එදා ප්‍රකාශ කළා.  ඇතැම්අය ඊට ප්‍රසංශා කළා.  ඒ බදු ක්‍රමය නිසා දෙසැබ්ර් මාසය අවසන් වන විට රජයේ බදු ආදායම අඩු වුනා.  මේනිසා ණය ගෙවා දැමිමට නොහැකි වුනා.  ඒ බදු නිසා ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයින් සදහා ලබාදිමට අපේ ආණ්ඩුව සැලසුමකර තිබු දීමනා මේආණ්ඩුව කපා හැරියා.  ඒ නිසා මේප්‍රශ්නය රටට හෙළිවුනා.  කොරෝනා හේතුවෙන් එය තවත් උග්‍ර තත්ත්වයට පත්වුනා.

මේ රටේකොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුනේ පසුගිය පෙබරවාරි මාසයේදි.  නමුත් ආර්ථික අර්බුදය ඇතිවුනේ රාජ්‍ය සේවකයින්ගේ දිමනා කපා හැරියේ ජනවාරි මාසයේදි බව කිව යුතුයි.

මේ අර්බුදය නිසා මේවන විට රටේඅපනයන ආදායම විශාල ලෙස අඩුවි තිබෙනවා.  එම නිසා විදේශ ආදායම අඩුවි තිබෙනවා. රටේආදායම කඩා වැටෙනවා නම්රට ඉදිරියට ගෙනයා නොහැකියි.  මෙරටට ආනයන කරන භාණ්ඩ ඩොලර් මිලියන 7000 කින් අඩුකල පමණින් එහි දියුණුවක් ඇති වෙන්නේ නැහැ.

රටේකර්මාන්ත වලට අවශ්‍ය අමු ද්‍රව්‍ය හා වෙළදාමට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලංකාවට එන්නේ නැති වුනාම ආණ්ඩුවේආදායම තවත් අඩු වුනා.  ආර්ථික ගැටළුතවත් උග්‍ර වෙනවා.  මේතත්ත්වය මහරගම, කොලොන්නාව වැනි මේප්‍රදේශ  වල ජනතාවට හොදින් වැටහි ඇතැයි මා විශ්වාස කරනවා.  රටේවැඩිපුර වෙළදාමක් සිදුවන්නේ මාර්තු සහ අප්‍රේල් යන මාස වලයි.  නමුත් මේවසරේ ඒ ආදායම්මාර්ග ලැබුනේ නැහැ

මාස කිහිපයකට පසු දැන් යලිත් කඩ සාප්පු විවෘත කර තිබෙනවා.  ඒත් ජනතාව බඩු භාණ්ඩ වෙනුවෙන් වියදම්කිරිමට තවමත් ජනතාවගේ අතේ මුදල් නැහැ.  නමුත් මේසියලු විනාශයන් මධ්‍යයේ ආණ්ඩුව නිශ්ශබ්දව බලා සිටිනවා. මේමැතිවරණයේදි ඔවුන් ඒ ගැන කථා කරන්නෙවත් නැහැ.

සැලුන් දොර අරිනවාද වහනවාද කියා මහින්ද රාජපක්ෂ විමසනවා.  නමුත් අද සැලුන් දොරක් නැහැ.  ඒ සැලුන් දොර ගලවා උකස් කර තිබෙනවා.  ජනතා ප්‍රශ්න වලට ආණ්ඩුවට නිසි විසදුම්නැති නිසා නැවත නිහඩ පිළිවෙතක් අනුගමනය කරනවා.

රටේආර්ථිතික අර්බුදය දැන් ආරම්භ වුනා පමණයි.  ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන්නේ තව අවුරුදු දෙකක් මේඅර්බුදය පවතින බවයි.  නමුත් අනිත් අය ප්‍රකාශ කරන්නේ එය අවුරුදු තුනක් පමණ වන බවයි.  එහෙත් අද පවතින මේතත්ත්වයත් සමග තව අවුරුදු දෙක තුනක් නොව ජනතාවට මාස හයක් වත් ආර්ථික බර දරාගෙන ජිවත් විය නොහැකියි.

අද මේස්ථානයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ගේ දිමනා කපාහැර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඔවුන් රැකියා කරන සමාගම්වල ආදායම පහත වැටීමයි.  තව මාස හයක් ඉදිරියට ගියොත් වැටුපත් අඩු කරාවි.  එහෙම වුනොත් කාටවත් දොස් නගන්න බැහැ.  නැවත අවුරුදු පහකට ජන වරමක් ඉල්ලන්න මේආණ්ඩුවට කිසිදු අයිතියක් නැති බව කිය යුතුයි.

ජනාධිපති , අගමැති එකම පක්ෂයේ සිටිමින් රට පාලනය කළත් ජනතාවගේ අතේ මුදල් නැහැ.  මෙවර රටේඡන්ද දායකයින් අවබෝධ කරගත යුත්තේ ජනාධිපති, අගමැති එකම පක්ෂයෙන් නැවතත් පත් කරනවාද, ජනතාවගේ අතට මුදල් ලබා දෙනවාද කියයි.

අප බලය ඉල්ලන්නේ ජනතාවගේ අතට මුදල් ලබා දිමටයි.  2015 අපි බලයට පත්වනවිට පාර්ලිමේන්තුවේමන්ත්‍රිවරු පනහක් වත් අපට සිටියේ නැහැ.  නමුත් අප බලයට පැමිණ ඒ වසරේ පෙබරවාරි මාසය අවසන් විමට පෙර එවකට මුදල් ඇමතිවරයාව සිටි රවි කරුණානායක මහතා රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් වැඩි කළා.  එහි ප්‍රතිඵලයක් ලෙස සෑම තැනකම වෙළදාමවැඩි වුනා.  එමගින් ජනතාවට මුදල් උපයා ගැනිමට හැකිවුනා.

මෙලෙස අදායමවැඩි කිරිම හෝ වියදම අඩුකිරිම අපට කළ හැකියි.  මෙහිදි ප්‍රථමයෙන් අප උත්සාහ ගන්නේ වියදම අඩුකිරිමයි.  එලෙස වියදම අඩුකිරිම තුලින් අතේ මුදල් වැඩිපුර තිබෙනවා.  එමෙන්ම සමාගමහා සංස්ථා වල ආදායම්සියල්ල වැඩිකළ යුතුයි.  එමගින් සේවකයින්ගේ කපාහරින ලද දිමනා සියල්ල නැවත ලබාදිය හැකියි.  මෙවැනි විශාල සැලැස්මක් අප සතුව තිබෙනවා.  ඒ ගැන ලබන සතියේ  සිට දීර්ඝ ලෙස සාකච්ඡා කිරිම අපේ  අරමුණයි.

අද මේආණ්ඩුවට විදේශ විනිමය සොයා ගැනිමට නොහැකි වී තිබෙනවා.  කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් පසු ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් වලින් මුදල් ලබා ගැනිම සදහා ලොව රටවල්  බොහෝමයක් ඉල්ලුම්කළා.  අපත් ඒ ඉල්ලිම කර තිබෙනවා.  නමුත් අපට ඒ මුදල් ලබානොදි පකිස්ථානය, නේපාලය, බංගලාදේශය, මාලදිවයින වැනි රටවල් මුදල් ලබා ගත්තා.  ලංකාවට දුන්නේ නැහැ.   මේමුදල් ලබා නොගෙන ආණ්ඩුව දැන් විවිධ කතා කියමින් සිටිනවා.  රාජ්‍ය බැංකු තුනට  එම මුදල් ලබා ගන්න කියනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැත්නම්බැංකු ලබාගන්නා එම මුදල් වලට වගකිම භාරගන්නේ කව්ද කියන ප්‍රශ්නය මතුවෙනවා.

ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේබැංකුව යන රාජ්‍ය බැංකු වල තිබෙන්නේ මෙරට ජනතාවගේ තැන්පත් මුදල්.  බැංකු ණය මුදල ලබා ගන්නේ නම්ඊට ඇප වෙන්නේ කවුද

මේආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නිසි වැඩ පිළිවෙලක්  නොමැති කම නිසා අද එම මුදල් ලබා ගැනිමට නොහැකි වී තිබෙනවා.  නමුත් මා කියා සිටින්නේ අගෝස්තු පළමු සතියේ  එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්  බලයට පත්වි තුන්වැනි  සතිය ගතවන්නට පෙර මේමුදල් අපේ රටට ලබාගැනිම සදහා සාකච්ඡා  කර එම මුදල් අප ලබාගන්නවා.

මෙම මුදල් ලබා ගැනිමෙන් පසු ලංකාවෙන් මුදල් සොයා ගැනිම පහසු කාර්යයක් වෙනවා.  ඩොලර් මිලියන 6000 ක් අපට ලැබෙනවා නම් ලංකාවේකවුද අපට මුදල් නොදෙන්නේ.  එතැන් සිට ආයතන වලට  උදව්කිරිම, රැකියා ආරක්ෂා කිරිම වැනි වැඩ කටයුතු සිදුකළ හැකියි.

මේගැන ඉදිරි කාලයේදි තවදුටත් අදහස් ප්‍රකාශ කරන්න මා බලාපොරොත්තු වෙනවා.  මේගැන කතා කරන විට මට බනිවි.  නමුත් එලෙස බැන්නත් ඒ සදහා තිබෙන විකල්පය කුමක්ද.  හොද විකල්පයක් තිබෙනවා නම්ඊට ජනතාවක් සහාය ලබාදෙනවා. මේගැන කතා කරන්නේ අපි පමණයි.

අද මේ රටේආණ්ඩුව කළහැකි දේශපාලන පක්ෂ දෙකක් තිබෙනවා.  එකක් පොහොට්ටුව. අනෙක එක්සත් ජාතික පක්ෂය.  අනෙක් ගැස් සිලින්ඩර් පක්ෂ ගැන මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රටේජනතාවගේ අතට මුදල් දෙන්නේ කෙසේද කියා ආණ්ඩුව ප්‍රකාශ කළ යුතුයි.

අපි මේආණ්ඩුවේවිකල්පය කුමක්ද කියා දැනගන්න කැමතියි.  ආණ්ඩවුට ඵක්‍ක්‍ ගිවිසුම අත්සන් කරනවාද නැද්ද කියා රටට ප්‍රකාශ කළ යුතුයි.  ආණ්ඩුව හරියට වැඩ කළා නම්බය විය යුතු නැහැ.

ජනතාව අතට මුදල් අවශ්‍ය නම්ගෙදර ආර්ථිකය හදාගන්න උවමනා නම්අලියා ලගින්  කතිරය ගසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවන ලෙස සමස්ථ ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

මෙම බල මණ්ඩල රැස්වීම්අමතා කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. මැතිවරණ අපේක්ෂකයින් වන එ.ජා.ප. උපනායක රවි කරුණානායක සහ එ.ජා.ප. උප සභාපති දයා ගමගේ සහ ජපානයේ හිටපු තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු අදහස් දැක්වු අතර, එම අවස්ථාවන් වලට කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. අපේක්ෂකයින් රැසක් සහභාගි වි සිටියහ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.