මතු්කුඩු ජාවාරමේ නාකොටික් නිලධාරීන්ට පොලිසිය මරණ දඩුවම ඉල්ලයි

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකෙරුණා. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිලධාරීන්ට මරණ දඩුවම ලබාදෙන්නැයි පොලීසියෙන්ම ඉල්ලීමක් කෙරෙනවා.

පසුගියදා අධිකරණය හමුවේ ප්‍රකාශ වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු ගබඩාවේ මත්කුඩු කිලෝග්‍රෑම් 700ක් පමණ ඇති බවට එම නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වාර්තාවක් මගින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව  අදාළ නඩු භාණ්ඩවලට මුද්‍රා තැබුණේ ද,  ඒවාට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබේද, විෂ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල්වල ආවරණ කඩා නැවත පාර්සල් කර තිබේද,  පසුව ඒවා සීල් කර ඇත්ද යන ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළා.

ඒ අනුවයි බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මත් කුඩු කිලෝග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ රැගෙන ඒමට ක්‍රියා කළේ.

අත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දෙදෙනෙකුට අයත් ලොරි රථ 4 ක් වෑන් රථ දෙකක් හා මෝටර් රථයක් ද ඊයේ පොලිස් භාරයට ගැනුණා. ගම්පහ පල්ලෙවෙල පොලිස් වසමේ බාන්දුරාගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම වාහන අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙසට නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.