කොරෝනා ආසාදිතයන් 2450 යි /කන්දකාඩුවෙන් 339 යි

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් නව කොවිඩ් ආසාදිතයින් 283 දෙනෙකු හදුනා ගැනීමත් සමග  එම මධ්‍යස්ථානයෙන් මෙතෙක් වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 339 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව  56ක්.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා තිබූ රැදවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු බවට පසුගියදා හදුනා ගැණුනා. ඒ අනුව එම මධ්‍යස්ථානයේ රැදවූවන් සහ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට යොමු කෙරුණා. එම පීසීආර් පරීක්ෂණ 338 ක ප්‍රතිඵල වලට අනුවයි අද දිනයේ දී නව ආසාදිතයින් 196 දෙනෙකු හදුනා ගැණුනේ.

මෙම මධ්‍යස්ථානයෙන් තව දුරටත් ආසාදිතයින් වාර්තාවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැදවූවන් සහ ආශ්‍රිතයින් ද හදුනා ගනිමින් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.

මේ වන විට රට තුලින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 2450ක්.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.