පැරදුණු ට්‍රම්ප් යළිත් ජය ගනී / 2024 යළි ජනපති සටනට

Sri Lanka

දෙවන වරටත් තමන්ට එල්ලවූ දෝෂාභියෝගයෙන් ගැලවීමට හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිඛෙනවා.
ඒ ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ පැවැති ජන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතරය නොමැති වීම මතයි.
ඒ අනුව ධූර කාලය තුල දෙවරක් දෝෂාභියෝග වලට ලක්වූ හා එම අවස්ථා දෙකම ජයගත් පළමු අමෙරිකානු ජනපති බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වන්නේ.
කොංග්‍රසයේ කටයුතුවලට බාධා කරමින්, ජනතාව උසි ගැන්වීමට කුමන්ත්‍රණය කළැයි යන චෝදනා මුල්කොට ගනිමින් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් එම දෝෂාභියෝගය ඉදිරිපත් කර තිබුණා.
මීට අදාළ ජන්ද විමසීමේදී දෝෂාභියෝගයට පක්ෂව ජන්ද 57 ක් හිමිවුවද ඊට එරෙහිව ජන්ද 47ක් ලැබී තිබුණා.
මේ අතර අමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම තීන්දුව සමග ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 අමෙරිකානු ජනපති සටනට යළි තරග වැදීමේ බාධකය ඉවත් කරගත් බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *