සුප්‍රකට බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට ඔහුගේ පුත්‍රයා වන අභිෂේක් බච්චන්ට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් පවසන්නේ පවුලේ සාමාජිකයින් සහ සිය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද පරීක්ෂණවලට යොමුව ඇති බවයි.
කෙසේ වෙතත් අමිතාබ් හා අභිෂේක් දෙදෙනාම මුම්බායි රෝහලකට ඇතුළත් වී ඇති අතර දෙදෙනාටම ඇත්තේ සුළු රෝග ලක්ෂණ බවයි ඔවුන් පවසන්නේ.
අවසන් දින 10 ක කාලය තුළ තමා සමඟ සමීප සබඳතා පැවැත්වූ සියලු දෙනාට පරීක්ෂණවලට යොමුවන ලෙස අමිතාබ් බච්චන් ඉල්ලීමක් කළා.
මේ අතර සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනියක වන රේඛාගේ නිවස බලධාරීන් විසින් කිසිවකුට ඇතුළුවිය නොහැකි ලෙස වසා දමා තිබෙනවා.
ඒ එම නිවසේ ආරක්ෂකයකුට කොරෝනා වැළදීම සමගයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.