වතු කම්කරුවන් 7 දෙනකුට තුවාල කළ දිවියා සැගවිලා

හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ වතුකම්කරුවන් හත්දෙනෙකුට ඊයේ පහර දි තුවාල සිදුකළ කොටියා අල්ලා ගැනිමට උඩවලව සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිළධාරින් හැටන් පොලිසියේ නිළධාරින් සහ වතුකම්කරුවන් අද දවස පුරා එම වතුයායේ මෙහෙයුමක් සිදු කළා.
උඩවලව වනජිවි පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතාගේ අධික්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
මෙම කොටියා අල්ලා එම වතුයායෙන් ඉවත් කිරිමට ප්‍රමාද විම සම්බන්ධයෙන් වතුකම්කරුවන් සහ වනජිවී නිළධාරින් අතර දැඩි උණුසුම් තත්ත්වයක්ද ඇතිව තිබුණා.
එහෙත් අද දවස පුරා සිදුකළ මෙම මෙහෙයුමේදී කොටියා සොයා ගැනිමට මෙහෙයුම් කණ්ඩායම් වලට නොහැකි වු නිසා එම කොටියා අල්ලා ගැනිමට විශේෂ ආරක්‍ෂිත කුඩුවක (උගුලක්) ඇටවීම කෙරෙහි වනජිවී නිළධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා.
තේ වතු ආශ්‍රිතව ලංකාවට පමණක් ආවේණික වදවී යාමේ තර්ජනයකට ලක්වි ඇති මෙවැනි කොටියන් වාසය කරන බවත් එවැනි කොටින් කිහිපදෙනෙකු වතුකම්කරුවන් විසින් මරඋගුල් අටවා හා වස මිශ්‍ර ආහාර ලබා දිමෙන් ඉකුත් වසරේ ඝාතනය කර ඇති බවද වනජිවි නිළධාරින් සදහන් කරනවා.
තේ වතු ආශ්‍රීතව සැරි සරන මෙවැනි කොටින් රක්‍ෂීත වලට පලවාහැරීමේ විශේෂ මෙහෙයුමක්ද වනජිවි නිළධාරින් විසින් පසුගියදා සිදුකරනු ලැබුවා.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.