

ජපානයේ ෆුකුෂිමා කලාපයට ඊයේ බලපෑ ප්රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිඛෙනවා.
රොයිටර් පුවත් සේවය සදහන් කළේ එම කලාපයේ නිවාස ඉරි තැලීම්, නායයාම් ඇතුළු ආපදා රැසක් ද මේ සමග වාර්තාවන බවයි.
පවත්නා තත්ත්වය තුල ජපානයේ ප්රදේශ කිහිපයක දුම්රිය ධාවනයද සම්පූර්ණයෙන් ඇණහිට තිඛෙනවා.
තවදුරටත් නිවාස දහස් ගණනකට විදුලි සබදතා බිදවැටී ඇති අතර ඒවා යථා තත්වයට පත් කරමින් පවති බවයි එම වාර්තා පවසන්නේ.
මෙම භූ කම්පනය ඒකක 7.3 ක් ලෙස සටහන් වූ අතර ඒ සමගම ඒකක 4.7 ක භූ කම්පනයක්ද ජපානයට බලපා තිබුණා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්රතිකාර ලබන
471