කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හී සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි.

හෙට සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ කන්දකාඩු කොරෝනා පොකුර හා ඊට සම්බන්ධ පිරිස් නිරෝධායනය වෙනුවෙන් අමතර අවධානයක් දැරීමට සිදුවීමයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.