මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ආරම්භ වුණා. අද දිනය වෙන්කර ඇත්තේ සෞඛ්‍ය සේවකයන් සඳහායි. තැපැල් ඡන්දයට දින 7ක් වෙන්කර තිබෙනවා.

අද සිට ලබන 17 වනදා දක්වා සහ 20 / 21 යන දිනයන් හිදී තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කෙරෙනවා. මැතිවරණ කටයුතු අධීක්‍ෂණය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් අද දිනයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට කටයුතු කරන ආකාරය දැකගත හැකිවුණා. පෙරවරු නවයට ආරම්භ වූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පස්වරු 4 ට අවසන් වනවා.

පොලිස්ථාන , ආරක්‍ෂක හමුදා , සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව , සෞඛ්‍ය අංශ , සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල , මැතිවරණ කාර්යාල හැර සෙසු රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට සහ අනිද්දා දිනවලදි සිදුකෙරෙනවා.

ලබන 16 හා 17 යන දිනයන් හිදී තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ පොලිස්ථාන , ආරක්‍ෂක හමුදා , සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව , සෞඛ්‍ය අංශ හා සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ටයි.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් ලබන 20 හා 21 දිනයන් හිදී අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකියි. දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිත කරමින් තැපැල් ඡන්දය සිදු කෙරෙන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මෙවර තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් හත්ලක්‍ෂ පන්දහස් අසූ පස් දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර අනුරාධපුර ,රාජංගනය කොට්ඨාසයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද දිනයේ ආරම්භ වූයේ නැහැ. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම ඊට හේතුවයි. සලකුණු කළ හෝ නොකළ ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප හෝ වීඩියෝගත කිරීම මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.