නිරෝධායනය අවසන් කර ආ අකුරැස්සේ දෙදෙනකුට කොරෝනා

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනය අවසන් කර නිවෙස් බලා ගිය යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.
අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ ප්‍රේමරත්න මහතා මේ බව තහවුරු කළා.
මෙම හමුදා සාමාජිකයන් දෙදෙනාම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්.
මෙම පුද්ගලයන් හා සබදතා පැවැත්වූ අකුරැස්ස, ගල්ලල, නාවල සහ අකුරැස්ස, හේනේගම, බලපාත ප්‍රදේශයන්හි පවුල් දෙකට අයත් 8දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.
ආසාදිතයින් ගනුදෙනු කළ වෙළදසැල්වල කාර්ය මණ්ඩලය, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියක සහ කෘෂිකර්ම රැස්වීමකට සහභාගීවුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සදහන්.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.