නව කොරෝනා ප්‍රභේදය හමුවේ දිවයින පුරා හුදකලා කිරීමක් අවශ්‍යයද ? සාකච්ජාව හෙට

ByLankaAnews

Feb 14, 2021

නව කොරෝනා ප්‍රභේදය ව්‍යාප්තවීම හමුවේ කොරෝනා ආසාදිතයන් ඉහළයාම සමඟ දිවයින පුරා හුදකලා කිරීමක්  සිදුකිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසනවා.
එහෙත් හෙට දිනයේ රැස්වන කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේදී මෙම කරුණ සාකච්ජාවට ලක්වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම පුවත්පත පැවසුවේ.
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ , පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින අතර අවශ්‍ය පියවර නියමිත අවස්ථාවේදී ගනු ලබන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *