කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු උපදේශකවරයෙකු සහ ගම්පහ ප්‍රදේශයේ රියදුරෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

එම උපදේශකවරයා සමඟ රියදුරා මෝටර් රථයකින් ගමන් කර ඇති බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරන්නේ. ගම්පහ බණ්ඩාරවත්ත ටිකිරි රාජමාවතේ හා වැරැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි මෙසේ ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙන්නේ.

මෙම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ගම්පහ අධිකරණයට,  මහරගම අපේක්‍ෂා රෝහලට හා ගම්පහ අවට වෙළෙදසල් කිහිපයකට ගොස් ඇති බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.