බැඳුම්කර වංචාව ගැන මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන

මහබැංකු බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ අද (16) කැදවුවා. සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 07 දෙනා අධිකරණයේ පෙනී සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.

පැමිණිල්ල නොවැම්බර් 12 වනදා කැදවීමට නියෝග කළ අධිකරණය එදිනට පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස නියෝග කළා.

3363

ආසාදිතයන්

3210

සුවය ලැබූ

140

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish