මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පාර්ශ්ව කිහිපයකින් අදහස් පල කෙරුණා. මැතිවරණ කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු දක්වා තිබුණා.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (16) දැනුම් දුන්නා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඡන්දය පැවැත්වීමට නම් පාලිත කොරෝනා තත්ත්වය දීර්ඝව පවත්වාගත යුතු බවයි. මහමැතිවරණයේ තැපැල් ඡන්දය 04 වන දිනයද අද (16) යි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.