මෙවර මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන නිද­හස් සන්ධා­න­යෙන් තරග කරන අපේ­ක්ෂ­ක­යන්ගේ ජය තහ­වුරු කරනු පිණිස ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ ඉකුත් සතියේ අනු­රා­ධ­පු­රය, පුත්ත­ලම,හා පොළො­න්න­රුව යන දිස්ත්‍රි­ක්ක­වල පැවැති මහ­ජන හමු විශාල ප්‍රමා­ණ­ය­කට සහ­භාගි විය. මේ දිස්ත්‍රික්ක තුනේ­දීම ජනා­ධි­ප­ති­ව­රයා ගොවීන් ඉදි­රි­පත් කළ පැමි­ණිලි ගැන වැඩි අව­ධා­න­යක් යොමු කළේය. පොහොර නිය­මිත පරිදි නිසි වේලා­වට නොලැ­බීම, ගොවි­තැන සඳහා ප්‍රමා­ණ­වත් ජලය නොලැ­බීම, වන අලි කර­ද­රය, ගොවි නිෂ්පා­දන සඳහා සාධා­රණ මිලක් නොලැ­බීම හා ⁣අලෙවි කර ගැනී­මට වෙළ­ද­පො­ලක් නැති වීම යන චෝදනා ගැන වැඩි අව­ධා­න­යක් යොමු කළ ජනා­ධි­ප­ති­ව­රයා ගොවීන් ආරක්ෂා කර ගෙන ගොවි­තැන දියුණු කිරීම සඳහා තම රජ­යෙන් පූර්ණ සහය දෙන බව ගොවීන්ට පොරොන්දු විය.

මෙම සංචා­ර­යේදී ප්‍රදේ­ශයේ ආග­මික ස්ථාන වෙතද ගිය ජනා­ධි­ප­ති­ව­රයා ඒවායේ ආග­මික නාය­ක­යන් බැහැ­දැක සුහ­දව කතා­බහ කිරී­ම­ටද අව­ස්ථාව යොදා ගෙන තිබුණි. තන්ත්‍රි­මලේ රාජ මහ විහා­ර­යට ගිය ජනා­ධි­පති එහි රෝප­ණය කර ඇති අෂ්ඨ­ඵල බෝධිය උදෙසා ඖෂධ පූජා­වක්ද සිදු කෙළේය .

“සර් අපේ පැත්තෙ ඉස්කෝල­වල ගොඩක් අඩු පාඩු තියෙ­නවා. ඒවා හදා ගන්න ඔබ­තුමා උදව් කරන්න.”

පොළො­න්න­රුව අත්ත­න­ක­ඩ­වල ජන­තාව ජනා­ධි­පතිගෙන් ඉල්ලා සිටි­යේය. හරි මට ඒවා කරන්න ඔයාල මේ සැරේ අපේ පැත්තට ඡන්දය දීල මන්ත්‍රී­වරු වැඩි­යෙන් පත් කර ගන්න ඕන. ජනා­ධි­පති කියද්දී “අපි ඔක්කොම දෙනවා” යැයි ජන­තාව මහ හයි­යෙන් කීවේය. එවෙලේ එහි සිටි රොෂාන් රණ­සිංහ හිටපු මන්ත්‍රීට කතා කළ ජනා­ධි­පති “මේ පාසැ­ල්වල තිබෙන අඩු­පාඩු බලලා ඒ ගැන වාර්තා­වක් හදලා මට දෙන්න” කීවේය. පුත්ත­ලම මාදම්පේ තනි­වැල්ල ප්‍රදේ­ශයේ පැවැති ජන­හ­මු­ව­කට සහ­භාගි වූ ජනා­ධි­ප­ති­ව­ර­යාට රුපි­යල් පන්ද­හසේ නෝට්ටු ⁣මිටි­යක් කාන්තා­වක විසින් පිළි­ගැ­න්වූ­වාය. ඇය කාක්ක­ප­ල්ලිය මාන­ක්කු­ලම පදිංච් 84 වියැති විශ්‍රා­මික ගුරු­ව­රි­යකි. “ජනා­ධි­ති­තු­මනි, මේ මුදල් ටිකත් කොවිඩ් අර­මු­ද­ලට අර ගන්න.”

ඇය රුපි­යල් ලක්ෂ දෙකක මුදල් නෝට්ටු ජනා­ධි­පති අතේ තබ­මින් කිවාය. පුත්ත­ලම නීල බැම්ම ගම ගංව­තු­රට යට­වී­මත් නොරො­ච්චෝලේ තාප බලා­ගා­ර­යට ඉඩම් අත්පත් කර ගැනි­මේදී සිදුව ඇති අක්‍ර­මි­කතා ගැනත් ප්‍රදේ­ශයේ තරුණ තරු­ණි­යන්ට බලා­ගා­රය තුළ රැකියා නොදීම ගැනත් සොයා බලා විස­දුම් දීම­ටද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදි එකඟ විය. එමෙන්ම හොරො­ව්ප­තාන ජන­හ­මු­වට සහ­භාගි වූ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ප්‍රදේ­ශයේ ජන­තා­ව­ගෙන් ඉදි­රි­පත් වු පැමි­ණි­ල්ල­කට එවෙ­ලේම විස­ඳුම් ලබා දෙන්න­ටද පිය­වර ගත්තේය.

“අපි දීර්ඝ කාල­යක් වැඩ­බ­ලන විදු­හ­ල්ප­ති­වරු විදි­යට තමයි කට­යුතු කරන්නේ. අපිට විදු­හ­ල්ප­ති­වරු ලෙස පත්වීම් දෙන්න කියල අධ්‍යා­පන ඇම­ති­තු­මාට කියන්න සර්.”

හුඟ­දෙ­නෙක් ඉන්න­වාද එහෙම අය”

ජනා­ධි­ප­ති­ව­රයා ඇසීය.

“ඔව් ජනා­ධි­ප­ති­තුමා අපි සැහෙන පිරි­සක් ඉන්නවා.”ඔවුහු කීවෝය.

ඒ අතර අධ්‍යා­පන ඇමති ඩලස් අල­හ­ප්පෙ­රුම දුර­ක­ත­න­යෙන් සම්බන්ධ කර­ගත් ජනා­ධි­ප­ති­ව­රයා ” ඇම­ති­තුමා මේ හොරො­ව්ප­තාන ප්‍රදේ­ශයේ වැඩ­බ­ලන විදු­හ­ල්ප­ති­වරු කොච්චර ඉන්න­වද? ඒ අය ස්ථිර කරන්න හෝ මොන­වද කරන්නෙ කියල ලබන කැබි­නට් එකේදි කතා කරන්න යොදා ගන්න” කීවේය.

මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­පති විසින් අටවා ගන්නා ලද ජාතික ආණ්ඩුවේ සිටම මේ දක්වා හිටපු අමාත්‍ය බැසිල් රාජ­ප­ක්ෂ­යන්ට විවෙි­ක­යක් තිබු­ණේම නැත. ඒ අනුව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නිර්මා­ණය කළ ඔහු ඒ පිළි­බ­ඳව රටේම ජන­තාව දැනු­වත් කර තිබීමේ ප්‍රති­ඵ­ලය වුයේ පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා ගැනී­මට හැකි වීමය. ඊළ­ඟට එළැඹි ජනා­ධි­ප­ති­ව­ර­ණය ද 62% ප්‍රති­ශ­ත­ය­කින් ජය ගත හැකි වුයේ මහින්ද රාජ­පක්ෂ සාධ­කය හා බැසිල් රාජ­ප­ක්ෂ­යන් ගේ සංවි­ධාන ශක්තිය නිසා­මය. බැසිල් රාජ­ප­ක්ෂ­යන් නිර්මා­ණය කළ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ඉතාම කෙටි කාල­ය­කදී මුහුණ දෙන තෙවන මැති­ව­ර­ණය එළැ­ඹෙන මහ මැති­ව­ර­ණ­යයි.

” අපිට අද තියෙන ප්‍රශ්නය තමයි මුහු­ණට මුහුණ තරග කරන්න ශක්ති­මත් පක්ෂ­යක් නැති වීම.තිබුණ දේශ­පා­ලන පක්ෂ ඔක්කොම දෙකට බෙදිලා. ඒ අය දැන් තරග කරන්නේ පක්ෂ මූල­ස්ථා­නය අල්ලා ගන්න. අපි විත­රයි රාජ්‍ය බලය වෙනු­වෙන් තරග කරන්නෙ.” යනු­වෙන් බැසිල් රාජ­පක්ෂ ඉකුත් සතියේ නෙලුම් මාවතේ සිය කාර්යා­ල­යේදී මාධ්‍ය­වේ­දීන් හමු වී සඳ­හන් කෙළේය.” මේ මැති­ව­ර­ණ­යේදී තුනෙන් දෙකේ බල­යක් ගන්න පුළු­වන් වෙයිද”? මාධ්‍ය­වේ­දි­යකු නැඟු ප්‍රශ්න­ය­කට පිළි­තුරු දුන් බැසිල් කීවේ “කරට කර තරග කරන්න පක්ෂ­යක් නැති වුණාම අපේ අයත් මන්දෝ­ත්සාහී වෙන” බවය.”

ඒ වුණත් මෙවර ජන­තාව අපේ­ක්ෂ­ක­ය­න්ටත් වඩා ඉදි­රි­යෙන් ඉන්නේ. ජනා­ධි­ප­ති­ව­රයා කොරෝනා වසං­ග­තය පාල­නය කළා විත­රක් නොවෙයි අප්‍රේල් මාසය වන විට අපේ අප­න­යන ආදා­යම තිබුණේ ඇම­රි­කානු ඩොලර් මිලි­යන 250යි. නමුත් ජුනි මස අව­සන් වන විට ඒ ආදා­යම ඇම­රි­කානු ඩොලර් මිලි­යන 750 ක් දක්වා වැඩි කර­ගන්න පුළු­වන් වී තිබෙ­නවා. ඒ කියන්නේ ඒක U turn එකක් නෙවෙයි.V turn එකක් වගේ ඉහ­ළට ආවේ. මේවා ගැන ජන­තාව දැන් හිත­නවා. මේ රට ඉදි­රි­යට කොහො­මද ගොඩ නඟන්නේ, ඒක කරන්න පුළු­වන් කාටද කියල හිතලා ජන­තාව දන්නවා යැයිද බැසිල් කීවේය.

අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ දේශ­පා­ලන ජිවි­ත­යට වසර 50ක් සපි­රීම නිමි­ත්තෙන් මුල්ගි­රි­ගල රජ­මහා විහා­රයේ ශෛල­තලා මස්ත­කය මුදු­නෙහි ශෛල­මය සමාධි බුද්ධ ප්‍රති­මා­වක් ස්ථාපිත කිරීම ඉකුත් 04 වැනිදා සිදු­කෙ­රිණි. මෙම ශෛල­මය සමාධි බුද්ධ ප්‍රති­මාව මුල්ගි­රි­ගල රජ­මහා විහා­රයේ ශෛල තලා මස්ත­කය මුදු­නට වැඩම කරවූ ආකා­ර­යද රස­වත්ය. කිලෝ 3500ක් බරැති, අඩි 8ක් උසැති කලු­ග­ලින් තැනූ සමාධි බුද්ධ ප්‍රති­මාව කඳු මුදු­නට වැඩම කර­වීම සඳහා සහාය වූයේ ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වයි. ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට අයත් එම්. අයි. 17 ගුව­න්යා­න­යක් මගින් සමාධි ප්‍රති­මාව කඳු­මු­දු­නට වැඩම කරවූ අතර එම්. අයි. 17 ගුවන් යාන­යක් මගින් කිලේ 3500ක් තරම් බරක් ලංකාව තුළ ඔසවා ගිය ප්‍රථම අව­ස්ථා­වද මෙය විය. ඉකුත් 04 වැනිදා අග්‍රා­මා­ත්‍ය­ව­රයා මුල්ගි­රි­ග­ලට ගියේ ඒ අනු­වය. අග්‍රා­මා­ත්‍ය­ව­රයා වාහ­න­යෙන් බැස්සේ “මට උඩ­ම­ලු­වට යන්න ඕනේ” යි කියා­ගෙ­න­මය.

ගමනේ දුෂ්ක­ර­තාව සම්බ­න්ධ­යෙන් අග­මැ­ති­ව­ර­යාට පැහැ­දිලි කළ මුල්ගි­රි­ගල රජ­මහා විහා­රයේ විහා­රා­ධි­පති, මාතර වැල්ල­බඩ පත්තුව ඇතුළු හම්බ­න්තොට දිසාවේ ප්‍රධාන සංඝ­නා­යක සද්ධර්ම කීර්ති ශ්‍රී බෙලි­ගල්ලේ සර­ණ­පාල නායක ස්වාමින් වහන්සේ ඊට එකඟ නොවිණි.

“අග­මැ­ති­තුමා අපි උත්සව භූමි­යට යමු නේද” විහා­රා­ධි­පති හිමියෝ අග­මැ­ති­ව­ර­යාට පැව­සුහ.

“නෑ ….නෑ…. මට බුද්ධ ප්‍රති­මාව බලලා වදින්න ඕනේ. “අග­මැ­ති­ව­ර­යාද පෙරළා පිළි­තුරු දුන්නේය.

“බුද්ධ ප්‍රති­මාව තැන්පත් කරලා තියෙන තැනට යන්න නම් පඩි 550ක් උඩට නගින්න වෙනවා. සම­හ­රක් පඩි තියෙ­නවා නැග ගන්න අසීරු. “

“මම මීට කලින් අනන්ත අප්‍ර­මාණ මුල්ගි­රි­ගල නැඟලා තියෙ­නවා. අද සමාධි පිළි­මය තැන්පත් කරපු තැන­ටත් මට යන්න ඕනේ අපේ හාමු­දු­රු­වනේ. “

“සම­හර තැන්වල බැස්ම­වල් පිහි­ටලා තියෙන හැටි­යට ඔබ­තු­මාව කන්ද උඩට එක්ක යන්න එපා කියලා තමයි ආර­ක්ෂක අංශ නම් කියන්නේ ” විහා­රා­ධි­පති හිමි­යන් ද අග­මැ­ති­ව­ර­යාගේ ගමන වැළැ­ක්වී­මට උත්සාහ කළේ ආර­ක්ෂක අංශ­වල පෙරැ­ත්තය නොස­ලකා හැරිය නොහැකි වූ නිසයි.

අග­මැ­ති­ව­රයා එක්ව­රම ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් දෙසට හැරී , “ඔහෙලා එන­වාද මට මුල්ගි­රි­ගල ගැන කියලා දෙන්න. මම පුංචි කාලේ ඉදලා නැගලා තියෙන කන්දක් මේක. මගේ පළාත. මම නිතර යන එන පන්සල “

ආර­ක්ෂක අංශ­වල ඉල්ලීම් ඉවත දැමූ අග්‍රා­මා­ත්‍ය­ව­රයා මුල්ගි­රි­ගල කදු මුදු­නට නැග ගුවන් හමු­දාව එහි තැන්පත් කර තිබු සමාධි බුද්ධ ප්‍රති­මාව සිය­තින් නිරා­ව­ර­ණය කළේය. අන­තු­රුව සමාධි බුද්ධ ප්‍රති­මා­වට මල් පූජා කළ අග්‍රා­මා­ත්‍ය­ව­රයා මුල්ගි­රි­ගල වැද­පුදා ගැනී­මට පැමිණ සිටි ජන­තාව සමඟ ද සුහද පිළි­ස­ඳ­රක යෙදිණි.

කදු මුදුනේ සිට අග්‍රා­මා­ත්‍ය­ව­රයා බැස එන අතරේ ජන­තාව අග­මැ­ති­ව­රයා හමු­වට පැමි­ණීම වැළැ­ක්වී­මට ආර­ක්ෂක අංශ දරන උත්සා­හය දුටු අග්‍රා­මා­ත්‍ය­ව­රයා “ඔය ළම­යින්ට අම්ම­ලාට එන්න දෙන්න. මේ මගේ ගම් පළාත. ඒ මිනිස්සු මාව දැක්කාම කතා කර­නවා. ඒක මේ ගම් පළාත් වල හැටි. මම මොන ලොක්කෙක් වුණත් ගමේ­කම නැති වෙන්නේ නැහැ” යී කීවේය.

කන්ද බැස ආ අග­මැ­ති­ව­ර­යාට විහා­රා­ධි­පති හිමි­යන් තේ පැන් සංග්‍ර­හ­යක්ද සුදා­නම් කර තිබුණි. එහි කිතුල් හකුරු සමඟ බෙලි­මල්, ලුණු මිරිස් සමඟ රොටී, හැලප, වැලි තලප, තල ඇට දැමූ කොණ්ඩ කැවුම්, සහ කෝලි­කුට්ටු කෙසෙල් ඇව­රි­යක් ද විය.

“මම ආසම කරන කෑම වර්ග තියෙන්නේ” කී අග­මැ­ති­ව­රයි ලුණු මිරිස් සමග රොටී කා කිතුල් හකුරු සමඟ බෙලි­මල් වීදු­රු­වක්ද බීවේය. තමන් සමග පැමිණි ආර­ක්ෂක අංශයේ පිරි­සට ද තේ බොන්නයි අතින් හැඟවූ අග­මැ­ති­ව­රයා මද වේලා­වක් විහා­රා­ධි­පති හිමි­යන් සමඟ කතා බහක නිරත වූවේය.

කොරෝනා වසං­ග­තය පාල­නය කිරිමේ කට­යු­තු­ව­ලදී තිරය පිටු­පස සිටි­මින් කට­යුතු කරන තවත් කෙනෙකු පිළි­බ­ඳව ඉකුත් සතියේ අස­න්නට ලැබුණි. ඔහු ප්‍රසි­ද්ධව ඇත්තේ මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ වෛද්‍ය­ව­රයා ලෙසය. ඒ වෛද්‍ය එලි­යන්ත වයිට්ය. නාවික හමු­දාවේ කොරෝනා පොකුර ඉක්ම­ණින් අව­සන් කර­න්නට වෛද්‍ය එලි­යන්ත වයිට් ගෙන් ලැබී ඇති සහය රජයේ වෛද්‍ය­ව­රුන් ගේද පැස­සු­මට ලක්ව ඇත. මේ දින­වල ඔහු මහින්ද රාජ­පක්ෂ මහතා ගේ ඉල්ලී­මක් අනුව පිට­ර­ට­වල සිට පැමි­ණෙන අය­ගෙන් කොරෝනා රෝග­යට ගොදුරු වුවන් ඉක්ම­ණින් සනීප කර ගැනීම සඳහා කට­යුතු කර­මින් සිටි­න්නේය. ඔහු තමන් සතුව ඇති කුණ්ඩ­ලිනි ශක්තිය උප­යෝගි කර ගෙන ජල බෝතල් 16000 කට ආශි­ර්වාද කොට ආශි­ර්වාද කළ ජලය පිට­ර­ට­වල සිට පැමි­ණෙන අයට බීමට දීමෙන් කොරෝනා රෝග­යට ගොදුරු වුවන් ඉක්ම­ණින් ඉන් ගලවා ගැනි­මට කට­යුතු කර ඇත්තේ අග­මැති මහින්ද රාජ­ප­ක්ෂ­යන්ගේ ඉල්ලී­ම­කට අනු­වය.

උදෑ­සන කාල්ටන් නිව­සට ප්‍රසන්න යන විට එහි විශාල පිරි­සක් රැදී සිටි­යහ. අග­මැති මහින්ද ඒ වන විට වරාය වෘත්තිය සමිති සමඟ සාක­ච්ඡා­වක නිර­තව සිටියේ ය. ඒ නිසා ප්‍රසන්න මහින්ද සිටි කාම­ර­යට ගියේ නැත. ප්‍රසන්න දුටු බොහෝ දෙනෙකු ඔහු ළගට ගොස් ඔහුට සුබ පැතු­වේය. සුබ පතන අතර “අර කතාව නම් මරේ මරු සර්…” යැයි කීවේය. ඒ මේ දින­වල මෛත්‍රීට එරෙ­හිව ප්‍රසන්න කරන කතාව ගැනය. ප්‍රසන්න දුටු ජි.එල් ද ඔහු ළඟට ආවේ “ ඔබ­තු­මාගේ ඇටෑක් එක නම් හරි­ය­ටම හරි”. කිය­මිනි.

“ මම කියන්නේ බොරු නෙමෙ­යිනේ සර්. මට නම් මෛත්‍රීව ෂුවර් නෑ”. ප්‍රසන්න කීවේය.

වෘත්තීය සමිති සාක­ච්ඡාව අව­සන් වීමෙන් පසු නිල කාම­ර­යෙන් එළි­යට පැමිණි මහින්ද ප්‍රසන්න දුටු­වේය.

“ආ… මේ ඉන්නේ මේ දව­ස්වල වේදි­කාවේ වීරයා….” මහින්ද ප්‍රසන්න ව පිළි­ගත්තේ එලෙස කිය­මිනි. “අපිට ආරං­චියි ගම්පහ ඡන්ද වැඩේ හොඳ­ටම යනවා කියලා…” මහින්ද කීවේය. “කර­ගෙන යනවා සර්…..මිනිස්සු උන­න්දුයි ඡන්දෙට…” ප්‍රසන්න කීවේය.

“ඔව්. ඔව්. අපිට ආරං­චියි ප්‍රසන්න මේ පාරත් රෙකෝඩ් එක­කට ලෑස්තියි කියලා…” මහින්ද කීවේ සිනා­සෙ­මිනි.

“මම ඉතින් මගේ වැඩේ කර­නවා. පක්ෂ­යට ලක්ෂ 05ක වැඩි ඡන්ද අරන් දෙනවා. ඒක ෂුවර්”. ප්‍රසන්න කීවේය.

“පක්ෂ­යට විත­රක් මොක ද? අපිට නම් ආරංචි මේ පාර ඔයත් මනාප වලින් රෙකෝඩ් එකක් තිය­නවා කිය­ලයි. මනාප වලින් ලොකු ගැප් එකක් තියලා ඔයා දින­නවා කිය­ලයි රිපෝට්ස් වල තියෙන්නේ ”. මහින්ද කීවේය.

“යමු රැස්වීම් වලට මාත් එක්ක”. මහින්ද ප්‍රස­න්නට ආරා­ධනා කළේය.

“සර්..ඇම­ති­තුමා එන­කොට ම ආවේ සර්ට කලින් රැස්වීම් වල කතා කර­න්නම් කියලා. සර් වේදි­කාවේ ඉන්න­කොට මෙතු­මාට කියන්න තියෙන දේවල් කියන්න බැරිලු….” මහි­න්දගේ ළඟ සිටි අයකු කීවේය.

“එහෙ­නම් සැරට දෙන්න වගේ හදන්නේ. ඔයැ­යිට මිනිස්සු ආදරේ ඕක තමයි. කියන දේ කෙළින් කියන නිසා….” මහින්ද කීවේ සිනා­සෙ­මින් ප්‍රස­න්නගේ පිටට තට්ටු­වක් ද දමි­මිනි.

ප්‍රසන්න සහ­භාගි වූ පළමු රැස්වීම පැවැ­ත්වුණේ බෙලි­අ­ත්තෙදී ය. එහිදී ප්‍රසන්න හම්බ­න්තොට ජන­තා­වට ප්‍රති­ඥා­වක් දුන්නේය. ඒ නාමල්ට ඇම­ති­ක­මක් ලබා දීම වෙනු­වෙන් මැදි­හත් වන බව­ටය. “හම්බ­න්තොට කැබි­නට් ඇම­ති­ධූර දෙකක් තියෙ­නවා. අපි මේ පාරත් ඉල්ලී­මක් කළා නාමල් මල්ලීට ඇම­ති­ක­මක් දෙන්න කියලා. නාමල් මල්ලී තමයි බෑ කිව්වේ. එයා කිව්වා මහ මැති­ව­ර­ණ­යෙන් පස්සේ බලමු කියලා. අපි මේ පාර නම් ඒ වෙනු­වෙන් පෙනී ඉන්නවා” ප්‍රසන්න කීවේය.

2011 ලෝක ක්‍රිකට් ශුර­තාව පාවා දුන් බවට මහි­න්දා­නන්ද කළ ප්‍රකා­ශය මෙන්ම ක්‍රිඩ­ක­යන් නොව වෙනත් පාර්ශ්ව විසින් එම පාවා­දීම සිදු­කළ බවට වූ ප්‍රකා­ශය ද එ.ජා.ප යේ අව­ධා­න­යට යොමුව තිබේ.

“ක්‍රිඩා­වයි දේශ­පා­ල­න­යයි අපි කව­දා­වත් එකට දාලා ක්‍රියා කළේ නැහැ. ප්‍රශ්න­යක් තියෙ­නවා නම් අයි.සි.සි එක­ටයි පැමි­ණිලි කරන්න ඕනේ. එයාලා පාවා­දී­මක් ගැන තහ­වුරු කළොත් විත­රයි ලංකාවේ පොලී­සි­යට මැදි­හත් වෙන්න ලැබෙන්නේ. ඒ නිසා ක්‍රිකට් ක්‍රිඩ­ක­යන් අප­හ­සු­තා­වට පත් කිරීම ගැන එ.ජා.ප ය එකඟ නැහැ.” එ.ජා.ප නාය­කයා කීවේ සිරි­කො­තදී පැවැති රැස්වී­ම­ක­දීය..

බැඳු­ම්ක­රය සම්බ­න්ධ­යෙන් එ.ජා.ප නාය­කයා ගෙන් සි.අයි.ඩි ය ප්‍රශ්න කිරිම ගැනද පසු ගිය සතියේ කතා බහක් ඇති විය.

“කලින් මම කීප­ව­රක් උත්තර දීපු ප්‍රශ්න එයාලා ආපහු මගෙන් ඇහුවා. ඡන­ද­යට අපට මඩ ගහ­න්නයි ජන­තාව අන්ද­න්නයි මෙවැනි ප්‍රශ්න කිරීම් කරන්නේ.” නය­කයා කීවේ ඉතා සැහැ­ල්ලු­වෙනි.

එ.ජා.ප යෙන් මන්ත්‍රී­ක­ම්ව­ලට පත්වූ යම් පිරි­සක් දුර­ක­තන පිලට එක­තු­වීම ගැනද බදාදා පැවැති එ.ජා.ප කෘත්‍යා­ධි­කා­රි­යේදි අව­ධා­න­යට ලක් කෙරිණ. පක්ෂ­යෙන් බාහිර දේශ­පා­ලන කට­යු­තු­වල යෙදෙන සියලු දෙනාට එරෙ­හිව විනය පරි­ක්ෂණ පැවැ­ත්වී­ම­ටත් එහිදි සාධා­රණ හේතු ඉදි­රි­පත් නොක­රන සියලු දෙනා ගැන දැඩි ක්‍රියා­මාර්ග ගැනී­ම­ටත් කෘත්‍යා­ධි­කා­රිය තීන්දු කළේය.

කතෝ­ලික ප්‍රජා­වට අයත් කණ්ඩා­ය­මක් පසු­ගිය දා සජිත් හමුවී ඔහුගේ ක්‍රියා­කා­ර­කම් ගැන ප්‍රසා­දය පළ කළහ.

“හරීන් අඟ­ර­ද­ගු­රු­තුමා ගැන කළ ප්‍රකා­ශය ඔබ හෙළා දකි­මින් සමාව ඉල්ලා සිටී­මත්, හරීන් සමඟ ගොස් උන්ව­හන්සේ හමුවී කනගා­ටුව යළිත් ප්‍රකාශ කිරීම ගැනත් කතෝ­ලික ප්‍රජාව සතු­ටින් ඉන්නේ. ඔබ­තුමා පරි­ණත නාය­ක­යෙක් බවට එහිදි පත්වුණා කියන එකයි අපේ ප්‍රජා­වගේ අද­හස වෙන්නේ.” ඔවුන් සජිත් හමුවේ කීවේ එවැනි ධනා­ත්මක ප්‍රකා­ශ­යකි.

සජිත්ගේ එම ක්‍රියාව සම්බ­න්ධ­යෙන් නාහි­මි­වරු ප්‍රමුඛ ආග­මික නාය­ක­යන් රැසක් ද සජිත්ගේ පරි­ණත බව ගැන සඳ­හන් කර­මින් ඔහුට ප්‍රශංසා කිරීම ද කැපී පෙනෙන සිදු­වී­මක් විය. දුර­ක­තන පක්ෂය තරුණ පර­පුර ඉලක්ක කර­මින් විශේෂ ඇප් එකක් සඳුදා සෝලීස් ශාලා­වේදි අන්ත­ර්ජා­ල­යට මුදා හැරි­යේය. “දිනමු” එහි තේමාව බවට ද ප්‍රකා­ශ­යට පත් කෙරිනි.

එය හරීන් ප්‍රනාන්දු සංවි­ධා­නය කළ අතර සජිත් සමඟ මද්දුම බණ්ඩාර හා තිස්ස අත්ත­නා­යක ඇතුළු කණ්ඩා­ය­මක් ද ඊට එක්වූහ.

සජිත් කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ රැස්වී­මක සිටි­යදි ඔහුට ලැබුණු දුර­ක­තන ඇම­තු­මෙන් දැඩි කම්ප­න­යට පත්විය. ඉන් කියැ­වුණේ අශෝක වඩි­ග­මං­ගාව රිය අන­තු­ර­කින් මිය ගිය බවයි. වහාම තිස්සට කතා කළ සජිත් මේ ගැන වැඩි­දු­ර­ටත් විම­සීය.

“කලින් දා රෑ 3.00 ට කැම්පේන් ඉවර කරලා ගෙදර ඇවිත් අත්‍ය­වශ්‍ය මංග­ලෝ­ත්ස­ව­ය­කට අත්සන් කරන්න අද කුරු­ණෑ­ගල ගිහින් තියෙ­නවා. එන ගමන් රිය­දුරු මගින් බස්සලා අශෝ­ක­මයි වාහ­නය පැදලා තියෙන්නේ. අධික මහ­න්සිය නිසා නින්ද ගිහින් අන­තුර වෙලා කිය­ලායි ආරංචි. අපි ඉක්ම­ණින්ම කළ යුත්තේ ඔහු වෙනු­වට එම පවුල විසින් යෝජනා කරන කෙනෙක් අපේ­ක්ෂක ලැයි­ස්තු­වට ඇතු­ළත් කිරී­මයි.” තිස්ස කීවේය.

සජිත් පසු­ගිය සතියේ කෑගල්ල, කුරු­ණෑ­ගල, ගම්පහ මෙන්ම මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ රැලි ඇමතු අතර කෝවිඩ් අව­ධා­න­මද නොතකා ඉහළ ජන­තා­වක් ඊට එක්වූහ. රැළි අත­ර­තුර බදාදා සවස වඩි­ග­මං­ගාව අව­මං­ග­ලෝ­ත්ස­ව­යට ද සජිත් ඇතුළු එම පක්ෂයේ නාය­ක­යන් විශාල පිරි­සක් එක්වූහ.

අග­හ­රු­වාදා කෝට්ටේ කාර්යා­ල­යේදි එහි මහ­ලේ­කම් මද්දු­ම­බ­ණ්ඩාර හා ජාතික සංවි­ධා­යක තිස්ස දිස්ත්‍රික් කළ­ම­නා­ක­රු­වන් හමුවී සාක­ච්ඡා­වක් කළ අතර මැති­ව­ර­ණය දා රාජ­කාරී හා පෝලින් එජ­න්ත­ව­රුන්ගේ වග­කීම් ගැන එහිදි අවශ්‍ය උප­දෙස් සැප­යීය.

නායක සජිත් ද ඔවුන් සමඟ ඔන්ල­යින් ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය උප­දෙස් ලබා දුන්නේය.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.