කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයෙකුට කොරෝනා

Sri Lanka

කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිඛෙනවා.
මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නිලධාරීයාට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ හදුනාගත් බවයි.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතවෙමින් එම නිලධාරියා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.
කොරෝනා ආසාදිත කාර්යමණ්ඩල සාමාජිකයා මහකොමසාරිස් කාර්යාලය තුළ සිය රාජකාරී කටයුතු සිදුකිරීමේ දී බාහිර පාර්ශ්වයන් හා සම්බන්ධ වී නොමැති අතර ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් කාර්යමණ්ඩල සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිඛෙනවා.
එමෙන්ම කාර්යාල පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර අවදානම පාලනය කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ගගෙන ඇති බවද කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *