හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ  කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වයිරසය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මේ අතරට  සහකාර පොලිස්  අධිකාරි කාර්යාලයේ නිලධාරීන් 30 දෙනෙකු,හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සහ පොලිස්  කොස්තාපල්වරියගේ සමීපතමයින් 30 දෙදෙනෙකු ඇතුලත්.

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර කොරෝනා වයිරසය වැළඳුණු පුද්ගලයාගේ මව සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන අතරතුරදී කොරෝනා වයිරසය රෝග වැළඳීමත් සමඟ ඇයගේ සමීපතමයින් 30 දෙදෙනෙකු  මෙසේ  නිරෝධායන මධ්‍යස්ථානයට  යොමුකිරීමට පියවර ගැණුනා.

ඒ අනුව ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද , ඔවුන් සමඟ  ආශ්‍රය කළ හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.