විදේශිකයන් සඳහා පමණක් පවත්වා ගෙන යන හෝටල් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

‘විදේශිකයින්ට පමණයි’ යනුවෙන් සඳහන් කරමින් දේශිය සංචාරකයන් හෝටල්වලින් ඈත් කිරීමට පළාත් පාලන අමාත්‍යංශය ඉඩනොදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සදහන් කළා. මේ ඒ පිළිබද ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පල කළ අදහස්.

“උනවටුන සහ මිරිස්ස යන ප්‍රදේශවලට එන ශ්‍රී ලාංකිකයන්ට සමහර ස්ථානවලදී නොයෙක් බාධක, තහංචි පනවා තිබෙනවා. මම සංචාරක මණ්ඩලයෙන් ඉල්ලා හිටිනවා- එවැනි ආයතනවලට සංචාරක මණ්ඩලයේ අවසරයක් දී තියෙනවා නම් වහාම ඒ අවසරය නවත්වන්න කියල. සංචාරක මණ්ඩලයේ අනුමැතිය නැතිව ‘විදේශිකයන්ට පමණක්’ පවත්වා ගෙන යන භෝජන ශාලා සහ හෝටල් වලට වහාම නඩු පවරන්න කියල මම ඉල්ලා සිටිනවා”

මෙම තත්ත්වය දකුණු පලාත තුල බහුල වශයෙන් පවතින අතර හොර්ටන් තැන්න පිවිසුමේ මෙවන් ස්ථානයක් පිළිපදවද ජනතාව චෝදනා එල්ල කර තිබුණා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.