රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැඩි දුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා;

”වර්ෂ 2009 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ එරියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා. නොසැලකිලිමත් බව නිසා සිදුවන මාර්ග අනතුරු වලදී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු ලබාදීමට මෙම ක්‍රමය මගින් තීරණය කර තිබුණා. මාර්ග අනතුරු සිදුකළහොත්, එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහලට රියදුරන්ගේ බලපත්‍ර වලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවනවා. අවසානයේ ලකුණු 0 දක්වා කැපීගිය පසු රියදුරු බලපත්‍රය ඉබේම අහෝසි වෙනවා.

නමුත් මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීම සදහා රියදුරු බලපත්‍රයට ඇතුලත් කරන ලද විශේෂ චිපයක් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණත් එම චිපය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථාන වලට ලබාදීමට පසුගිය සමයේ පියවර ගෙන තිබුණේ නැහැ. එමනිසා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ඇණහිට තිබුණා. ”

නමුත් ප්‍රවාහනය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය වන්නේ, රියදුරාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට යොදාගත හැකි හොදම උපාය මාර්ග වන්නේ මෙම ලකුණු දීමේ ක්‍රමය බවයි. එමනිසා මෙම ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.