පැන ගිය කොරෝනා රෝගියා සෙවීමට පොලීසිය මහජන සහය පතයි

මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගියෙකු අද අලුයම රෝහලෙන් පැනගොස් ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, 41 වන වියේ පසුවන එල්සියාම් නසීම් නමැති එම සැකකරු වල්ලිමලර්, ත්‍රිකුණාමලය පදිංචිකරුවෙකු බවයි.

මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ , අපරාධ සඳහා අවශ්‍ය කරන එම සැකකරුගේ , වම් පාදයේ අබාධයක් ඇති බැවින් ඇවිදින විට අපහසුතා ඇතැයි ද පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා පිළිබඳ යම් තොරතුරුක් වෙතොත්

119
071 859 10 17
071 859 22 90 හෝ
071 859 18 64 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.