සජිත් විශ්වාස කිරීමට නොහැකියි

සජිත් පේ‍්‍රමදාස දෙබිඩි පිළිවෙතක්  අනුගමනය කරන්නේ. උතුරට ගිහින් එකක් කියනවා. දකුණට ගොස් කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් කතාවක්. ඒ නිසා මෙවැනි පුද්ගලයන් විශ්වාස කළ නොහැකි යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

තලවතුගොඩ, ග‍්‍රෑන්ඞ් මොනාච් හෝටලයේදී පෙරේදා (22 දා* පැවැති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ස`දහන් කළේය.

වැඩිදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

මහරගම නගරය සංවර්ධනය කිරීමේ වැඩපිළවෙළක් අප දැනටමත් සැලසුම්කර තිබෙනවා. මේ නගරය ජාත්‍යන්තර වෙළෙ`ද මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටයි අප සැලසුම් කර තිබෙන්නේ. කොළඹ නගරයේ මෙන්ම අනෙකුත් නගරවල පවතින නිවාස ගැටලූවට විස`දුම් ලබාදීමේ වැඩපිළිළෙක් අප ක‍්‍රියාත්මක කරනවා. ඒ තුළින්

තමන්ගේම කියා නිවසක් ලැබෙනවා. රජයෙත් පෞද්ගලික අංශයේත් මැදිහත්වීමෙන් මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා.

ගම, නගරය, රට දියුණු කිරීමේ සැලැස්මක් අපට තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කැඞීගිය අසමගි බලවේගයේ නායකයෝ උතුරට ගිහින් කියන කතාව නෙවෙයි දකුණට ඇවිත් කියන්නේ. දකුණේ කියන කතාව උතුරට ගිහින් කියන්නේ නෑ. ජනතාව රවට්ටන මෙවැනි කතා දෙබිඩි කතා කියන්නේ. මේ වගේ අය විශ්වාස කළ හැකිද? අපි රටේ කොහේ ගියත් කියන්නේ එක දෙයයි. අපි රට වෙනුවෙන් කතා කරන්නේ.

1946 දී එක්සත් ජාතික පක්ෂය හැදුවේ. ඉතිහාසයේ පැරණිම පක්ෂයක්. එජාපය නොයෙක් අවස්ථාවල කැඩුනා. බණ්ඩාරනායක මහතා මගේ පියා වන ඞී. ඒ. රාජපක්ෂ මහතා මහතා සමග එජාපයෙන් අයින්වී ගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැ`ගුවා. නමුත් මේ සජිත් වගේ නම් එජාපය කඩපු කෙනෙක් නැහැ. විනාශ වී යන විදියටම ඔහු ඒ පක්ෂය කැඩුවා. ඔහු රට කඩන්නේ මේ විදියටම තමයි.

අපි යුද්ධය අවසන් කර රටේ විශාල සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කළා. අලූතින් වරායක්, ගුවන් තොටුපළක්, අධිවේගී මාර්ග, කාපට් පාරවල්, පාසල්, රෝහල් වාරිමාර්ග මේ ආදී හැම අංශයකින්ම අපි විශාල වැඩකොටසක් කළා. නමුත් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඒ සංවර්ධනය ආපස්සට හැරවූවා. ඒ ආණ්ඩුවට රට සංවර්ධනය කරන්න වෙලාවක් තිබුණේ නෑ. රට සංවර්ධන කිරීම නතර කරලා කළේ දිගින් දිගටම දේශපාලන පළිගැනීමයි. ඒ වගේ පළිගැනීම හැර රටට වැඩකරන්න වෙලාවක් තිබුණේ නෑ. එක රාජපක්ෂ කෙනෙක් නිදහස් දිනයට කලින්

ගන්න කියලා. යෝෂිත ගත්තේ නිදහස් දිනයට කලින්. මේ විදියටයි පළිගැනීම් කළේ. ඒකට මූලික වුණේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙක්. මොවුන් තුළ තිබුණේ වෛරය, ක්‍රෝධය පමණයි.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළා. දැන් අවශ්‍ය ඔහු රටට ඉදිරිපත් කළ, ජනතාව ඡුන්දය දී අනුමත කළ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමටයි. ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැක්කේ ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට. ඒ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේ වුවමානවක්, අවබෝධයක් තිබෙන්නේ අපටයි. ඒක එජාපයට හෝ ඉන් කැඞීගිය කණ්ඩායමට කරන්න බැහැ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය අනිවාරයෙන්ම එකම කණ්ඩායමක් විය යුතුයි.

එසේ නොමැති වුණොත් වෙන්නේ අර පසුගිය කාලේ වගේ. 2015 බලයට පත්වූ ජනාධිපතිවරයා හා අගමැතිි රනිල් වික‍්‍රමසිංහ ටික දවසකින් විරසක වුණා. ඊට පසුව ජනාධිපතිවරයා කියන දේ අගමැතිවරයා කරන්නේ නෑ, අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය කියන දේ ජනාධිපති පිළිගන්නේ නෑ. රටම අවුල් වුණා. ඔවුන්ගේ ප‍්‍රත්පත්තිවත් ඔවුන්ට ක‍්‍රියාත්මක කරගන්න බැරිවුණා. මේ ගැටුම තුළ ගුටිකෑවේ ජනතාවයි. මේ ඉතිහාසය අපි දුටුවා. ඒ නිසා පැහැදිලිවම අපි කියන්නේ පොහොට්ටුවට කතිරය ගසා තමන් කැමැති තිදෙනකුට මනාපය ප‍්‍රකාශ කරන්න කියලයි.

විජයදාස රාජපක්ෂ මහතා එදා සිටම අපත් සමග රට ජාතිය වෙනුවෙන් පෙනී සිටියා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලය තුළ සිටියත් ඇත්ත වශයෙන්ම ඔහු නියෝජනය කළේ විපක්ෂයයි කියා මා විශ්වාස කරන්නේ.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාවාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ –

සමහර වෙලාවට අපි කතා කරද්දී සැර වැඩියි කියලා ආණ්ඩුවටත් රිදෙනවා ඇති. පසුගියදා කුරුණෑගල ඇතිවූ සිද්ධිය ගැන මා කතා කළේ එය මොන ආකාරයෙන් ගත්තත්. ඊට අදාළ නෛකික ක‍්‍රියාමාර්ගයක් තිබෙනවා. ඒ නෛතික ක‍්‍රියාමාර්ග මිසක් ඊට අදාළ පුද්ගල බද්ධ සාධක අපට වැඩක් නැහැ. ඒ නිසා පුද්ගල බද්ධ සාධක පසෙක තබා මේ රටේ වටිනාකම් සුරක්ෂිත කර ගැනීමට අප කටයුතු කළ යුතුයි.

විජයදාස රාජපක්ෂ මහතා හො`දට පන්සල් දන්නා කෙනෙක්. ඒ වගේම අපේ රටේ ඉතිහාසය හො`දට කියවපු කෙනෙක්, පොත්පත් කියවපු කෙනෙක්, නීතිඥයෙක්. ඒ නිසා ඔබතුමාට විශාල වගකීමක් අපි කියන මේ කාරණා සම්බන්ධයෙන් තිබෙනවා. කොහොම ගත්තත් හෙට දවසේ අපේ රට අපේක්ෂා කරන ඒ ගමන් මාර්ගය විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්කරගෙන ජනතාව අපේක්ෂා කරපු අරමුණු ඉටුකර ගැනීමට අපට ශක්තිමත් පිරිසක් අවශ්‍යයි.

ඒ ගමන යන්න එතුමාට ඔය විවිධාකාරී අන්තවාදීන් දේශපාලනඥයන්ගේ පිහිට පතා යන්න නොහැකි ආකාරයේ තුනෙන දෙකේ බලයක් අප ලබාදිය යුතුයි. එසේ නැතිනම් අන්තවාදීන්ගේ ග‍්‍රහණයට අසුවූ ආණ්ඩුවක් නම් එතතුමාට කරගෙන යන්න වෙන්නේ එදාට අපිට මොනවා වෙයිද? පහුගිය දිනවල මා දුටුවා දේශපාලනඥයන්ගෙන් කටඋත්තර ගැනීම නවත්වන්න කියලා. මෙය පූර්වාදර්ශයක් බවට පත්විය හැකියි. අප රටේ දේශපාලනඥයන් ඡුන්දය ඉල්ලන්න නාම යෝජනා දුන්නම ඔහුට මාස තුන හතරකට කටඋත්තර දීම වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා දේශපාලකයෙක් වීම, ඓහෙමත් නැතිනම් ඡුන්ද අපේක්ෂකයෙක් වීම මේ රටේ අපරාධවලින් ගැලවෙන්න පළිහක් වෙන්න බැහැ. එයත් සහිපත් කළයුතු වෙනවා.

අපේ රටේ එක නීතියක් ස්ථාපිත කරගැනීම අවශ්‍ය වෙනවා. රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කළයුතු වැඩ ගොඩක් තියෙනවා. ඒ ස`දහා මේ රටේ ජනතාවගේ ශක්තිය මේ රටට ලබාදිය යුතුව තිබෙනවා. එහෙම වුණොත්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉලක්ක කරන ඒ රට මේ භූමිය තුළ ගොඩනැ`ගීමට හැකිවෙනවා.

හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා –

මේ මැතිවරණය අප සැමටම ඉතා වැදගත්. පහුගිය අවුරුදු පහක කාලපරිච්ෙඡ්දය තුළ මේ රටේ ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව තිබූ යුගයක්. මේ රටේ ජනතාවගේ ජීවිතවලට වගකියන්න නායකයෙක්, ආණ්ඩුවක් නැති

යුගයක් අපි පසුකළේ.

තිස් වසරක යුද්ධය නිමාකරපු වර්තමාන අගමැතිතුමා, ජනාධිපතිතුමා නිදහස් කරගත් මේ රට ක‍්‍රම ක‍්‍රමයෙන් අරාජික රාජ්‍යයක් බවට පත්වීමෙන් තිබූ යුගයක් අපි ගතකළේ. එදා අප රටේ ජනතාව මොන තරම් අසරණ වුණාද කියනවා නම් පාස්කු ප‍්‍රහාරය දෙස බලා සිටි මේ රටේ ජනතාව මේ රටේ දේශපාලනඥයන්ට සාප කරන තත්ත්වයට පත්වුණා.

යහපාලන ආණ්ඩුවේ මා කැබිනට් ඇමැති ධූරයක් දැරුවත් ඒ කැබිනට් මණ්ඩලය තුළ විපක්‍ෂයේ කාර්යභාරයයි මා ඉටුකර තිබෙන්නේ. මුලින්ම මහ බැංකු අධිපතිවරයෙක් පත්කිරීමට ඒ ආණුඩුවේ අගමැති තීරණය කරන කොට මම ඒ පත්වීමට විරුද්ධව දැඩි සටනක් කළා. ඒ වගේම සියලූම රාජපක්‍ෂවරු අත්අඩංගුවට ගැනීමට මහා ක‍්‍රියාන්විතයක් දියත් වුණ වෙලාවේ නොකරපු වැරදිවලට රටක් ජාතියක් බේරාගත් නායකයන්ට අත තියන්න දෙන්නේ නෑ කියලා මම එදා විරුද්ධ වුණා. ඒ දේශපාලන දඩයම් නතර කරන විට ඊළ`ගට ජිනීවාවලට ගොස් රට පාවාදීමට කටයුතු කරන විට මා විරුද්ධ වුණා. ඉන්පසු ගෙනා ත‍්‍රස්තවාදය අහෝසි කිරීමේ පනත් කෙටුම්පතත් මම කුණු කූඩයට දානවිට ඊළ`ග පනත් කෙටුම්පත ගෙනාවා යුද අපරාධ අධිකරණය පිහිටුවීමේ, ඒකත් මම කුණු කූඩයට දැම්මා. අප රටට

නොගැළපෙන යෝජනා ගේන විටත් ඒවා එදා කැබිනට් මණ්ඩලය තුළ පරාජය කිරීමට මට හැකි වුණා. මේවා නිසා මම ගෝත‍්‍රිකයෙක් කියලත් එදා ඔවුන් හැ`දින් වූවා.

ඒ වගේ අරාජික යුගයක් පසුකරලා මේ රටේ ජනතාව වාසනාවන්ත වුණා මේ රට රකින්න පුළුවන්, රට හදන්න පුළුවන් නායකයන් දෙදෙනෙක් මේ රටේ ජනාධිපති හා අගමැතිවරයා ලෙසට පත්කර ගන්න. පක්ෂ, ජාති, ආගම් බේදයකින් තොරව අපිට තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න කියා සමස්ත

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි ඒ බලය ලබාගන්නේ මේ රටේ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමටයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.