ආණ්ඩුවට ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්නවලට උත්තර නැහැ

මේ ආණ්ඩුව දන්නේ විහිළු තහලූ දේශපාලනය සහ සෝබන දේශපාලනය ක‍්‍රියාත්මක කරන්න පමණයි. වේදිකාවක් වේදිකාවක් පාසා එක එක බොරු සන්දර්ශන ක‍්‍රියාත්මක කරමින් මවාපෑම් ක‍්‍රියාත්මක කරමින් ජනතාව රවටන දේශපාලන රටාවක් තමයි අද අපේ රටේ  තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.

ඒ මහතා මේ අදහස් පළ කළේ ඌව පරණගම නහකඩිය ප‍්‍රදේශයේ පෙරේදා (22 දා* පැවති සමගි ජන බලවේගයේ මැතිවරණ ප‍්‍රචාරක ජන රැුලියක් අමතමිනි. සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත‍්‍රික් අපේක්ෂක ඉන්දික දසනායක මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණ.

සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් මෙසේද පවසා සිටියේය.

දැන් බලන්න මෙච්චර අපේකම ගැන, රටේ කම ගැන, සංස්කෘතිය ගැන දේශ මාමකත්වය, දේශ හිතෛෂීභාවය ගැන කතා කරපු ආණ්ඩුව පාරක් පළල් කිරීම වෙනුවෙන් දෙවන බුවනෙකබාහු රජතුමාගේ රාජ සභා මණ්ඩපය කුඩු පට්ටම් කරලා. අපේ රටේ සංස්කෘතික උරුමය. අපේ රටේ ඉතිහාසය. පෞඪ ඉතිහාසය. පාරක් පුළුල් කිරීම වෙනුවෙන් පොහොට්ටුවේ නගරාධිපති, සංස්කෘතික ඇමැති බුද්ධශාසන ඇමැතිතුමා, අගමැති තුමා ඡුන්දයට ඉදිරිපත් වන දිස්ත‍්‍රික්කයේම රාජ සභා මණ්ඩපය සම්පූර්ණයෙන්ම විනාශ කළා. මෙච්චර රටේ ජනතාවට ප‍්‍රශ්න තියෙනවා. ආර්ථික ගැටලූ තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. අතේ සල්ලි නැහැ. ජන ජීවිතය කඩා වැටිලා. දරුවෝ පෝෂණය කරන්න අමාරුයි. අද වෙනකොට යුනිසෙෆ් වාර්තාව කියනවා රටේ ජනගහනයෙන් සියයට තිහකට ප‍්‍රමාණවත් ආහාර නැහැ කියලා. ඒ සියලූ දේ තිබියදී මොකක්ද අගමැති තුමා කියන්නේ. අගමැති තුමා කියනවා දෙවැනි බුවනෙකබාහු රජතුමාට අන්තඃපුරයක් හිටියලූ. භාර්යාවෝ විශාල ප‍්‍රමාණයක් හිටියලූ. මුස්ලිම් ජාතික භාර්යාවකුත් හිටියලූ. දැන් බලන්න රටේ මුදල් ඇමැතිතුමා රටේ අගමැතිතුමා රටේ බුද්ධ ශාසන ඇමැති තුමා සංස්කෘතික ඇමැති තුමා මේකද එතුමාට රටට දෙන්න තියෙන උත්තරේ.

රටේ ජනතාවගේ ආර්ථීක ප‍්‍රශ්න වලට විසඳුමක් නැහැ. පන්දහේ කෑලි දෙකක් දීලා හිතාගෙන ඉන්නවා දැන් ඔක්කොම හරි කියලා. පොදු ජනතාව හාමතේ. ආදායම් මාර්ග කඩා වැටිලා. වෙළඳාම විනාශ වෙලා. ව්‍යාපාර අනාථ වෙලා. කර්මාන්ත ශාලා වැහිලා. ලක්ෂ ගණනක් තරුණ තරුණියන් මහ පාරේ. මෙතුමාට දෙන්න තියෙන උත්තරේ තමයි බුවනෙකබාහු රජතුමාගේ අන්තඃපුරය.

පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ වලට එනකොට බොහෝ වේලාවට අපේක්ෂකවරුන් වෙනත් ක‍්‍රමවේදයන් තුළින් අපේක්ෂකත්වය ලබා ගන්නවා. මම විශේෂයෙන්ම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී තුමන්ලාට තුමියලාට කියන්න කැමතියි ඉදිරියේදී පළාත් සභා මැතිවරණයක් එනවා. ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලදී පළාත් සභා අපේක්ෂකත්වය වෙනුවෙන් පළාත් පාලන මන්ත‍්‍රී තුමන්ලාට තුමියලාට අපි පළමු අවස්තාව ලබා දෙනවා ඉදිරිපත් වෙන්න. පෙනී සිටින්නට. මොකද මේක දේශපාලන ඉණිමගක්. පළාත් පාලන ක්‍ෂේත‍්‍රයෙන් පටන් ගත්තාම ඒ ක්‍ෂේත‍්‍රයේ දක්ෂතාව උනන්දුව කැපවීම පරිත්‍යාගය ඒ හැම දෙයක්ම කේන්ද්‍ර කරගෙන හැමෝටම අවස්ථාව තියෙන්න ඕනි පළාත් සභාවට යන්න. පළාත් සභාවේ දසකම් විස්කම් පෑවාම ඒ අයට අවස්ථාව තිබෙන්න ඕනි පාර්ලිමේන්තුව කරා යන්න. පාර්ලිමේන්තුවෙන් ජනාධිපති ධුරය කරා යන්න. දැන් මගේ පියාණන්ගේ ගමන දිහා බැලූවොත් නගර සභා මන්ත‍්‍රීකමින් පටන් අරගෙනයි රටේ ජනාධිපති පුටුවට ගියේ. අන්න එවන් අවස්ථාව අපි බදුල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් නෙමෙයි රටේම පළාත් පාලන ක්‍ෂේත‍්‍රයට උදාකරන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරනවා. අද වන විට අපේ රට සෝචනීය ඛේදනීය තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. හැම අතකින්ම අපේ රටේ හැම ස්ථරයක්ම කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. ජන ජීවිතය කඩා වැටිලා. වෙළඳාම කඩා වැටිලා. කර්මාන්ත ශාලා වැහිලා. ලක්ෂ ගණනක් දරු පරපුර මහ පාරේ. පාසල් වැහිලා. අධ්‍යාපනය අඩපණ වෙලා. මේ හැම තත්ත්වයක් තුළම රජය අපොහොසත් වෙලා තියෙනවා ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න වලට විසඳුම් සපයන්න.

දැන් සමහරෙක් පවුලට විසිදාහ ලබා දෙනවා කියනකොට ඒකට විරුද්ධ වෙනවා. මම කියන්න කැමතියි මේ විසිදාහ ලබා දෙන්නේ ඒ පවුලේ සාමාජිකයන්ට ඕන ඕන ආකාරයට ඒ මුදල් පාවිච්චි කරන්නට නෙමෙයි. ඉලක්කගත වැඩ පිළිවෙළක්. පැහැදිලිවම මම ඔබලාට කියන්න කැමතියි ආයෝජනයට, ඉතිරිකිරීමට, පරිභෝජනයට ඒවා ඉලක්ක කරලා තමයි අපි මේ විසිදාහ ලබා දෙන්නේ. මේ වැඩසටහනට විරුද්ධව දැන් දේශපාලන කුහකයෝ කොට්ඨාසයක් නිර්මාණය වෙලා. ලොකුම කුහකයෝ කොට්ඨාසය තමයි පොහොට්ටුවේ නායකයෝ ටික. දැන් පොහොට්ටුවේ නායකයෝ කියනවා විසිදාහ දෙන්න බැහැලූ. කොහොමද සජිත් විසිදාහ දෙන්නේ කියලා අහනවා. මම ඒ අයගෙන් අහන්න කැමතියි කොහොමද රණසිංහ පේ‍්‍රමදාස යුද්ධ දෙකක් තියාගෙන හතළිස් තුන් ලක්ෂයකට නිල ඇඳුම් දුන්නේ පාසල් ¥ දරුවන්ට. කොහොමද යුද්ධ දෙකක් තියාගෙන හතළිස් තුන් ලක්ෂයකට දිවා ආහාරය දුන්නේ. කොහොමද ගෙවල් හැදුවේ. කොහොමද ගම් උදාව වැඩසටහන ක‍්‍රියාත්මක කළේ. කොහොමද පාරවල් හැදුවේ. කොහොමද ඇඟලූම් කම්හල් දෙසීයේ වැඩසටහන ක‍්‍රියාත්මක කළේ. හොඳට මතක තියාගන්න. නැහැ බැහැ කියන වචනය සමගි ජන

බලවේගයේ ඒ වගේම සජිත් පේ‍්‍රමදාසගේ ශබ්ද කෝෂයේ නැහැ. අනිවාර්යෙන්ම මම ඔබලාට කියන්න කැමතියි

විසි දාහ දෙනවා කිව්වොත් දෙනවාමයි. ඒ විසිදාහ අපි ලබා දෙන්නේ ජන සමාජයේ අසරණම කොට්ඨාසයට. හැමදාම ලබා දෙන විසිදාහක් නෙමෙයි. ආර්ථිකය ගොඩ

නැගෙනකම්, ආර්ථිකය ඉහළට එනකම්. මම පෙරලා අහන්න කැමතියි මොකක්ද පොහොට්ටුවේ වැඩසටහන. පොහොට්ටුවේ වැඩ පිළිවෙළ මොකක්ද. දෙවන බුවනෙකබාහු රජතුමාගේ අන්තඃපුරය ගැන කතා කර කර ඉන්න එකද. එහෙම නැත්තම් බුවනෙකබාහු රජතුමාගේ අන්තඃපුරයේ හිටිය ඒ කාන්තාවන් ගැන කතා කර කර ඉන්න එකද. ඒකද පොහොට්ටුවේ විසඳුම. මම කියන්න කැමතියි අද බලන්න ලෝකයේ මොකක්ද වෙන්නේ. ඇමෙරිකා එක්සත් ජනපදයේත් දෙනවා මූල්‍ය ශක්තියක් ඒ ආර්ථිකයට. මහා බි‍්‍රතාන්‍යයෙත් එහෙමයි. බංගලාදේශයෙත් එහෙමයි. ඉන්දියාවෙත් එහෙමයි. අපේ රටේ විතරයි පන්දහේ කෑලි දෙකක් දීලා හිතාගෙන ඉන්නවා ඔක්කොම හරි කියලා. මම ඔබලාට කියන්න කැමතියි එහෙම හිතන එක ඉතාම වැරදි ප‍්‍රතිපත්තියක්. පැහැදිලිවම පොදු ජනතාවගේ හද ගැස්ම මේ රජයට තේරෙන්නේ නැහැ. පැහැදිලිවම ජනතා හැඟීම් පිළිබඳව මේ ආණ්ඩුවට අවබෝධයක් නැහැ.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.