

දාරළුවේ දුර්ලභ කෘෘඩියා සෙලෙනිකා ශාකය පසුගිය දිනවල දැඩි අවධායකට ලක්වුණා.
ඒ එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානම සමගයි.
එම සෙලෙනිකා ශාකය නිරීක්ෂණයට හිටපු ජනාධිපති මෛත්රී පාල සිරිසේන මහතා අද එක්වුණා.
දාරලුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ශ්රී ලංකාවට ආවේනික කෘඩියා සෙලෙනිකා ශාකය රතු දත්ත පොතට ද ඇතුළත් කර තිබෙනවා. එම ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරිසරවේදින්ගෙන් විරෝධය එල්ල වුණා වගේම එමගස වෙනත් ස්ථානයක සිටුවීමට ද යෝජනා වුණා. එවැනි පසුබිමකයි මහාසංඝරත්නය ගස සග සතු කිරීමට පියවර ගත්තේ.
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද දිනයේ එම ස්ථානයට පැමිණියේ අසල පිහිටි මඩවගුරක් මතින් ඉතා අසීරුවෙන්. ගස අසළට පැමිණි හිටපු ජනාධිපතිවරයා ගස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ගසට වැද නමස්කාර කළා.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්රතිකාර ලබන
445