ආසාදිතයා පැන ගිය මාර්ගය ගැන ලබාදුන් තොරතුරු ව්‍යාජ බව හෙළිවෙයි

ඊයේ දිනයේ IDH රෝහලෙන් පලාගොස් යළි සොයා ගැනුණු ආසාදිතයා ගමන්ගත් මාර්ගය පිළිබඳව තොරතුරු තවමත් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පවසා සිටියා. ඔහු විසින් ලබා දුන් තොරතුරු අසත්‍ය බව තහවුරු කරගෙන ඇති බවත් වෙනත් තාක්ෂණික ක්‍රම ඔස්සේ ඒ පිළිබඳව හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

” ඔහු පාපැදියක් නිවසකින් සොරාගෙන ගිය බවට වාර්තා වනවා. ඒ වගේම ඔහු රෝහලෙන් පැන යන අවස්ථාවේදී ඇඳ සිටි ඇඳුම් මාරුකර එක්තරා නිවසකින් ඇදුම් සොරකම් කරගෙන ඇඳගෙන ගිය බවක් වාර්තා වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරනවා. දැනට ඔහු ගමන් කළ බවට අනාවරණය වී ඇති සියලු ස්ථාන සෞඛ්‍ය අංශ වල විෂබීජහරණය කර, එම ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කර තිබෙනවා.

එම ආසාදිතයා ගමන් ගත් මාර්ගය පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍යප්‍රකාශක වරයා මෙසේ සදහන් කළා.

“මේ පිළිබඳව පැහැදිලි තොර තාම අනාවරණය වී නැහැ. ඒ පිළිබඳව විමර්ශනය කරනවා. ඔහු විසින් ඉදිරිපත් කරන තියෙන තොරතුරු අසත්‍ය බව තහවුරු වෙලා තිබෙනවා. ඒ අනුව වෙනත් තාක්ෂණික ක්‍රම ඔස්සේ ඒ පිළිබඳව හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. දැනට අනාවරණය වෙලා තිබෙන තොරතුරු අනුව ඔහු පිටකොටුව ප්‍රදේශයේ වැඩි වේලාවක් ගත කරල නැහැ. සුළු වෙලාවක් තමයි ගත කරල තියෙන්නෙ.  9.30(am) ට පමණ ජාතික රෝහල ආසන්නයේ දී හඳුනාගෙන තිබෙන්නේ. ඒ අනුව එම ප්‍රදේශය තුළ මෙම රෝගය පැතිරීමේ අවදානමක් දැනට හඳුනාගෙන නැහැ.”

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.