එජාප කොළඹ දිස්ත්‍රික් අපේ­ක්ෂක හිටපු අමාත්‍ය දයා ගමගේ

ශ්‍රී ලංකාවේ බිහි වූ දැවැ­න්තම දේශ­පා­ලන පක්ෂය ලෙස සැල­කෙන එජා­පයේ අද ඉර­ණම ගැන ඔබ මොන­වද හිතන්නෙ?

එජා­ප­යට මෙි විදියේ අත්දැ­කීම් ඕනැ තරම් තිබෙ­නවා. එජා­පය අද අත්වි­ඳින අත්දැ­කීම වින්දේ 1952 එස්. ඩබ්ලිව්. අර්. ඩී. බණ්ඩා­ර­නා­යක එජා­ප­යෙන් ඉවත් වෙලා වෙනම පක්ෂ­යක් හදා ගෙන කට­යුතු කරද්දී.

ඉන් පසු­වත් එජා­පය සමඟ සිටි පිරිස් ඔවුන්ගේ මත­වාද එජා­පය තුළ ක්‍රියා­ත්මක කරන්න බැරි වූ අව­ස්ථා­වල එජා­පය දාල ගිහිල්ලා තියෙ­නවා. ඒ මොනවා වුණත් එජාප පද­නම කාට­වත් කුම­නා­කා­ර­යෙ­න්වත් වෙනස් කරන්න බැරි වෙලා තියෙ­නවා. සිංහල, දමිළ ,මුස්ලිම්, බර්ගර් යන මේ හැම ජාති­ය­ක­ටම අයිති එජා­පයේ ඒ පද­නම කාට­වත් වෙනස් කර­න්නත් බෑ; වෙනස් කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

 

ඔබලා නිතර කියන කාර­ණ­යක් තමයි මේ රටේ ආර්ථි­කය ගොඩගන්න පුළු­වන් එජා­ප­යට විත­රයි කියලා. එත­කොට යහ­පා­ලන ආණ්ඩුව එජා­පයේ නොවෙ­යිද? ඒ කාලේ රටේ ආර්ථි­කය 7% සිට 2.8% දක්වා පහත වැටුණා නේද?

ඔබ හොඳ ප්‍රශ්න­යක් මතු කළේ. අපේ රටේ ආර්ථි­කය 2017 වනවිට කඩාගෙන වැටෙන බව දැනගෙන ඉන් ⁣බේරෙන්න තමයි මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා 2017 පැවැ­ත්වී­මට නිය­මිත මැති­ව­ර­ණය 2015 තියන්න කට­යුතු කළේ. ඔය විදි­ය­ටම 1999 දිත් වුණා. 2001 දිත් වුණා. අපි 2015 දී ආණ්ඩුව බාර ගන්න කොට ආර්ථි­කය කඩා වැටිලා ලෝකයේ බංකො­ළොත් වෙන්න තිබුණ රට යාන්තම් ඉන් මුදවාගෙන ණය වෙලා තිබුණ ඒවත් ගෙවා ගෙන රට සංව­ර්ධන මාව­තට ගන්න අපිට පුළු­වන් වුණා. අපේ අවු­රුදු හත­රක කාලය තුළ ස්වාභා­වික විපත් රැස­කට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ සිය­ල්ලට මුහුණ දෙන ගමන් රජයේ සේවක වැටුප රුපි­යල් දස දහ­ස­කින් වැඩි කර­න්නත් අපි කට­යුතු කළා.

 

මැති­ව­ර­ණය නිය­මිත දින­යට කලින් පැවැ­ත්වීම ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලක්ෂ­ණ­යක්. ඔබලා මැති­ව­රණ පැවැ­ත්විය යුතු දින­ටත් මැති­ව­රණ නොප­වත්වා කල් දාලා දැන් නිය­මිත දිනට කලින් පව­ත්වපු මැති­ව­ර­ණ­යක් ගැන වැරදි අර්ථ­ක­ථන දීලා ඔබලා ගේ වැරදි වහගන්න නේද හදන්නෙ?

ඔබ ඔය කියන විදි­යට නිය­මිත දිනට කලින් මැති­ව­ර­ණය තියෙන එක ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නම් අප්‍රේල් මාසයේ යෙදෙන සිංහල අලුත් අවු­රු­ද්දත් ජන­වාරි විතර යොදා ගත්තා නම් ජන­තා­වට තවත් හොඳ­යිනෙ. මාස­යක් දෙක­කට කලින් මැති­ව­ර­ණය තිබුණ නම් ඒක ඒ තරම් ප්‍රශ්න­යක් නොවෙයි.

නමුත් 2017 පැවැ­ත්විය යුතු මැති­ව­ර­ණ­යක් 2015 නිය­මිත දිනට වසර දෙකක⁣ට කලින් පැවැත්වූවේ ඇයි? ඒ අය දැක්කා රටේ අනා­ග­තය හොඳ නෑ. ඒකට මුහුණ දෙන්න නම් ජන­තා­වට බර පට­වන්න ඕන. එහෙම බර පට­වලා මැති­ව­ර­ණ­යට ගියොත් අන්ත පරා­ජ­යක් හිමි වෙන එක වළක්වාගන්න තමයි ඔය ඔබ කියන ප්‍රජා­ත­න්ත්‍ර­වාදී උප­ක්‍ර­මය මේ අය යොදා ගත්තේ.

 

ඔබ­තුමා චෝදනා කරන රජයේ ප්‍රබල අමා­ත්‍ය­ව­ර­යෙක් තමයි ඔබලා පොදු අපේ­ක්ෂ­කයා ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදිරිපත් කරන්නේ. එහෙම වුණේ කොහො­මද ?

ඔහු ඒ රජ­යෙන් පිටට එන්නෙ ඇයි? ඔහු ඒ රජයේ ආර්ථික කළ­ම­නා­ක­ර­ණය රජයේ ප්‍රති­පත්ති ගැන කල­කි­රිල තමයි එළි­යට ආවෙ.

එතු­මා­ටත් ඕන වෙලා තිබුණා පවුල් පාල­නය පිටු දකින්න. ඒ අනු­වයි අපි ඔහු අපේ පොදු අපේ­ක්ෂ­කයා ලෙස තෝරා ගත්තෙ.

 

එත­කොට ඔහු දැන් නැවත රාජ­ප­ක්ෂ­වරු එක්ක එකතු වෙලා ඉන්නෙ දැන් ඔවුන් ගේ ප්‍රති­පත්ති නිවැ­රදි වෙලා නිසාද?

ඒක ඉතින් එයා ගේ පෞද්ග­ලික තීර­ණ­යක්නෙ. ඒ ගැන මට මොකුත් කියන්න බෑ.

 

ඔබ කියන විදි­යට එජා­ප­යට විශාල ආර්ථික අභි­යෝග ජය ගන්න පුළු­වන් නම් 2015 අවස්ථා දෙක­කදී ශ්‍රී ලංකා මහ බැංකුව කොල්ල කෑවෙ ඇයි?

ඕක ඉතින් මහ දේශ­පා­ලන සටන් පාඨ­යක්නෙ. ශ්‍රී ලංකා මහ බැංකුව වසර හත­ළි­හක් විත­රම ලෝයත් එක්ක කට­යුතු කරල තිබෙන්නෙ යල් පැන ගිය ක්‍රම­වේ­ද­යන් එක්කයි. ඒ ක්‍රම­වේ­දය වෙනස් කරල කට­යුතු කරන කොට ඇති වූ වෙන­ස්කම් මගින් සිදු වු දේවල් වැරදි විදි­යට අර්ථ­ක­ථ­නය කරන එක වැර­දියි. ආර්ථික ක්‍රියා­ව­ලි­යක් දේශ­පා­ල­නී­ක­ර­ණ­ය­කට ඇද දමා­ගෙන චෝදනා කරන්න හැදු­වත් මේ දක්වා මේ සම්බ­න්ධ­යෙන් පරි­ක්ෂණ පැවැත්වූ කිසිම තැනක මේ ක්‍රියා­දා­ම­යට දේශ­පා­ල­න­ඥ­ය­කුට චෝදනා එල්ල වී නෑ.

 

එජා­පයේ පැරන්නෝ බහු­ත­රය සම­ඟි­ජන බල­වේ­ගය සමඟ එක­තු­වීම නිසා මෙවර මහ මැති­ව­ර­ණ­යට එජා­ප­යෙන් ඉදි­රි­පත් කර සිටින බොහෝ අපේ­ක්ෂ­ක­යන් අලුත් මුහුණු. එවැනි පසු­බි­මක ජය ගන්න පුළු­වන්ද?

ඔව් අපිට ජය ගන්න පුළු­වන්. 1977 දී පැවැති මහ මැති­ව­ර­ණ­යත් අපි ජය ගත්තේ එහෙ­මයි. එදා අද­ටත් වඩා මැති­ව­ර­ණ­යට මුහුණ දුන්නේ අලුත් මුහුණු. නමුත් අපි එදත් විශිෂ්ට ජයක් ලබා ගත්තා.

 

ඇයි ඔබ කෙළ­ඹින් තරග කරන්නේ?

මම කොළඹ දෙහි­වල උපන් කෙනෙක්. මම අම්පාර දිගා මඬුුු­ල්ලට ගියේ මගේ ව්‍යාපා­රික කට­යුතු සඳ­හායි. ඒ වෙනු­වෙන් දිග­ටම එහේ ඉන්න අතරේ තමයි පී.දයා­රත්න මහතා රාජ­ප­ක්ෂලා ගේ දැත් ශක්ති­මත් කරන්න කියල ගිය නිසා රනිල් වික්‍ර­ම­සිංහ එජාප නාය­ක­තුමා මට අම්පාර දිස්ත්‍රි­ක්කය බාර ගන්න කීවා.

ඒ අනුව තමයි මම දේශ­පා­ල­න­යට ආවෙ. 2015 පැවැති මහ මැති­ව­ර­ණ­යේ­දීත් රනිල් වික්‍ර­ම­සිංහ මහතා මට කිවේ ඔබ අම්පාර දිස්ත්‍රි­ක්ක­යෙන් ඉල්ලන්න නැත්නම් එජා­පය පරා­ජය වෙනවා කියල. එදත් මම අම්පා­රෙන් ඉල්ලලා දිනුවා. මෙවර එජා­ප­යට අමා­රුම ආස­නය හෝමා­ගම මම ඒක බාර ගත්තා.

මේ මැති­ව­ර­ණ­යේදි හෝමා­ගම මම දිනලා නැවත එජාප ආණ්ඩු­වක් අපි හද­නවා.

 

සජිත් ප්‍රේම­දාස එජා­පය දෙකඩ කිරීම ගැන ඔබ මොන­වද හිතන්නේ.

ඇත්ත­ටම මගේ ලොකු ගෞර­ව­යක් තිබුණා ඔහු ගැන. ඒ අර් ප්‍රේම­දාස ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පුත්‍රයා නිසා නමුත් ආශ්‍රය කරන කොට තමයි මට තේරුණේ සජිත් ප්‍රේම­දාස අර්.ප්‍රේම­දාස ජනා­ධි­පති ළඟි­න්වත් තියන්න බෑ කියලා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.