මැතිවරණයේ ” හොට්ස්පොට්ස්” සඳහා කැෆේ විශේෂ නිරීක්ෂණ කණ්ඩායම්

මෙවර මහමැතිවරණයේදී  උණුසුම්කාරී සිදුවීම් වාර්තා විය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති “හොට්ස්පොට්ස් ” නීරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් යොදවා ඇති බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා  පසුගියදා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අඩ්ඩාලච්චෙන හි පැවති “සාමකාමී මැතිවරණයක් සඳහා..” වන දැනුවත් කිරීමේ වැඩසටහනේදී ප්‍රකාශ කළේ මෙම උණුසුම් කාරී සිදුවීම් වාර්තා විය හැකි ස්ථාන 15 ක් සිය සංවිධානය විසින් හදුනාගෙන ඇති බවයි. ඒ අතරින් පළමු, දෙවන  හා තෙවන ස්ථාන වන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු,පොතුවිල් සහ සයින්දමරුදු  බව ඒ මහතා මෙහිදී පැවසීය. මේ නිසා මෙම ප්‍රදේශ සඳහා  කැෆේ සංවිධානය විසින් විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් යොදවා ඇති බව පෙන්වා දුන් මනාස් මකීන් මහතා කියා සිටියේ  මෙම “හොට්ස්පොට්ස්”  සඳහා ආරක්ෂක විධිවිධාන තර කරන ලෙස වැඩබලන පොලිස්පති වරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති  බවයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය තුළ මැතිවරණයේ සාමකාමී බවට දිගින් දිගටම බලපෑම් එල්ල වෙමින් පවතින බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයාගේ අදහසයි. ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී සහගත තොරතුරු පමණක් නොව වෛරී සහගත ගීත පවා මේ වනවිට දිගාමඩුල්ලෙන් කරළියට පැමිණ ඇති බව මනාස් මකීන් මහතා පැවසීය. මෙවැනි “වෛරීසහගත අදහස් ඇතිකරවන ගීත ” මහමැතිවරණ ක්‍රියාවලියේදී දක්නට ලැබුන ප්‍රථම අවස්ථාව මෙය බවද හෙතෙම මෙහිදී පැවසීය. මෙම අනුව ප්‍රතිවාදී අපෙක්ෂකයින් පිළිබදව වෛරී සහගත හැඟීම්  ඇති කරවීමේ ප්‍රතිපලය වන්නේ මැතිවරණයේ සාමකාමී බව උල්ලංගනය වීම බව මෙහිදී  වැඩිදුරටත් අදහස් දක්වූ කැෆේ  විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දුන්නේය.

මීට අමතරව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා ඇතුළු නිරීක්ෂක කණ්ඩායම  ඊයේ දිනයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ උණුසුම්කාරී ස්ථාන ලෙස හඳුනාගෙන ඇති ස්ථාන වල නිරීක්ෂණ චාරිකාවකටද එක්වූ අතර එහිදී  පූර්ව මැතිවරණ සමයේ ඇතිවූ සිදුවීම් වලින් බලපෑමට ලක්වූ පාර්ශව  ද හමුවී සාකච්ඡා කළේය. එම නිරීක්ෂණ චාරිකාවේදී දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින පක්ෂ කිහිපයක අපේක්ෂකයින් ද මුණ ගැසුණු කැෆේ සංවිධානයේ නිරික්ෂක කණ්ඩායම  මැතිවරණයේ සාමකාමී බව ඇති කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය පිළිබඳව දැනුම් දීමක් කර තිබේ. තවද අදාල ප්‍රදේශ වල පොලිස්ථාන වෙත ගිය කැෆේ විධායක අද්‍යක්ෂ මනාස් මකීන් මහතා ඇතුළු නිරීක්ෂණ කණ්ඩායම ප්‍රදේශයේ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳව පොලිස්ස්ථානාධිපති වරුන් ද දැනුවත් කිරීමට කටයුතු කළේය.

මේ අනුව දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ  “හොට්ස්පොට්ස් ” අවරණය වන පරිදි යොදවන විශේෂ නිරීක්ෂණ කණ්ඩායම පශ්චාත් මැතිවරණ කාලය දක්වා එම ප්‍රදේශයේ රැදී සිටිමින් මැතිවරණ  ප්‍රචණ්ඩත්වය පිළිබඳ නිරීක්ෂණයේ නිරතවන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පවසයි.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.