නඟා මැරූ අල” ලංකාවේ තෙත් කඳුකර කලාපයේ උස් කඳුබිම් හා කලාතුරකින් වියළි කලාපයේ හමුවන ඉතා වටිනා සෙවීමට ඉතා දුෂ්කර ඔෟෂධ පැළෑටියකි. මාර්තු – මැයි අතර දිග නටුවක් අග දීප්තිමත් කහ පාට මල් පහ හයකින් යුතු මල් කිනිත්තක් පිපෙයි. ශාකය පත්‍ර දිගටි පත්‍ර කිහිපයකි. මල් පිපී ගිය පසු ශාකය මැරී වියළී යයි. ශාකය යට එකට එක්ව ඇති අල යුගලකි. ලොකු අලය බීජ අලයයි. ප්‍රමාණයෙන් කුඩා ගැහැනු අලයයි. ඉංගී්‍රසියෙන් “ඩැපඩිල් ඕකිඩ්” නමින් හඳුන්වන නඟා මැරූ අල කාමය – රාගය පුබුදු වන ඔෟෂධයකි. වශීකර්ම – ගුප්ත කටයුතු සඳහාද අල භාවිත කරයි. ස්ත්‍රී වශියට පුරුෂ අලයද පුරුෂ වශියට ස්ත්‍රී අලයද යොදා ගැනේ.

අහෝසිව යන ශාකය යළි අලවලින් දලු දමා වැඩී මල් පිපෙයි. කහපාට වෙනුවට සුදු මල් පිපෙන නඟා මැරූ අල විශේෂයක්ද ඇත. මේ ඔෟෂධයේ උපත ගැන කතාව රජ කුමරකු හා ඔහුගේ නැඟණිය වටා ගෙතී ඇත. බිම ඇන තිබූ අසිපත් තුඩෙන් නැඟණියට දුන් හුනු කා ඇය රාගයෙන් මත්ව කුමරා වැලඳගනී. කිපුණු රජ කුමරා කඩුව ඇද නැඟණිය මරා දමයි. කඩු තුඩින් බිම හාරන විට කුමරු නඟා මැරූ අල දකියි. තමා ඉක්මන්ව නැඟණිය මැරීම ගැන පසුව කුමරු දුක්වෙයි.
නඟා මැරූ අල උපත ගැන සිංහල ජනප්‍රවාදයට සමාන ජනප්‍රවාදයක් වැද්දන් අතර ඇත. ලංකාවේ වනාන්තරවල ඇවිද හොඳ දැනුමක් තිබු ‍ෙදාස්තර ආර්.එල්. ස්පිට්ල් ලියූ “ෆා ඕෆ් තින්ග්ස්” (ජ්චප ධටට බඩඪදඨඵ) ග්‍රන්ථයේ “කයිරා හා හුදී” යන වැදි කතාවේ මේ වැදි ජනප්‍රවාදය දැක්වේ.

කයිරා හොඳින් වැඩුණු වැදි තරුණයෙකි. ඔහුගේ නැඟණිය හුදී වැඩුණු රූමත් එකියකි. කයිරා හා හුදී දිනක් කලින්ම අෑත ගමනක් යෑමට නුපුරුදු වනය මැදින් ඉදිරියට ඇදෙති. හෝරා කිහිපයක් ගිනි ගහන අව්වේ ඇවිද ගිය ඔවුහු එක් දිය කඩිත්තක් දැක නැවතී දිය බී මුහුණ කට සෝදා ගත්හ. ඉන්පසු කයිරා අසල වූ ගලක් මත වාඩිවී උරේ තිබූ ඊතලය ඒ ළඟ බිම සිටුවා බුලත් මඩිස්සලය ගෙන විටක් සැපීමට විය. කයිරාගෙන් බුලත් මඩිස්සලය ඉල්ලා ගත් හුදී ද බුලත් පුවක් කටට දමා ගත්තාය. බිම සිටුවා තිබූ ඊතලය ගලවා ගත් කයිරා ඊතලයේ තුඩෙන් හුදීට හුනු දුන්නේය.

බුලත් විට කා ටික වේලාවකින් හුදීගේ ඇඟ පුරා අමුතු හැඟීමක් මතුවිය. ඇයගේ ඉරියව් වෙනස් විය. කයිරා ළඟට ගිය හුදී කයිරාගේ උකුල මත රාගී බැල්මෙන් දිගා වූවාය. නැඟණිය රාගීව තමා පොලඹවා ගැනීමට වෙහෙසන බව කයිරාට වැටහුණි. මොහොතක් කල්පනා කළ කයිරා වහා අවදි වී දුන්නට ඊතලය එල්ල කොට හුදී දෙසට විද්දේය. හුදීගේ ළය විදගෙන ගිය ඊය සමඟ ඇයගේ ළයෙන් උණු ලේ ගලන්නට විය.

ඇගේ දෙනෙත් අඩක් පිය වී මරණීය ‍ෙදාරකඩට පැමිණ ඇත. ඇගේ සිරුර අසල වූ ගල් ගුහාවක තැබූ කයිරා හුදීගේ හදිසි වෙනස ගැන කල්පනා කිරීමට විය. ඊතලය පොළොවේ ගසා තිබූ ස්ථානය ඊතලයෙන්ම යටට හෑරූ කයිරා දුටුවේ එහි තිබූ අල යුගලකි. හුදීගේ රාගය මතුවීමට හේතුව ඇයට හුනු දුන් ඊතලයේ තුඩේ නඟා මැරූ අල යුෂ තැවැරී තිබීමයි. හුදීගේ සිරුර වළක් හාරා වැළලූ කයිරා නියමිත ගමන අතරමඟ නතර කර ආපසු සිය පැල් කොටය වෙත පිය නැඟුවේය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.