පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය කරයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීදි සංචාරය කළා.

සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව, මෙවර පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ, ජන සහභාගීත්වයෙන් තොරවයි. රන්දෝලි පෙරහැර ආරම්භ කෙරුණේ, පස්වරු 6.49ට යෙදුණු සුභ මොහොතින්.

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් නික්මුණු පෙරහැරේ, සධාතුක කරඩුව වැඩම කරවනු ලැබුවේ, සිංහරාජා හස්තියා විසින්. බුරුම රාජා හා මියන් රාජා ඇතුන් ලෙස ගමන් කළා.

මේ අතර, ආදිවාසීන් විසින් සාම්ප්‍රධානුකූලව ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙත මී පැණි පූජා කිරීම ඊයේ පෙරවරුවේ සිදු කරනු ලැබුවා.

7153

ආසාදිතයන්

3644

සුවය ලැබූ

3495

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.