කොරෝනා ගැන අතැමුන් සතුටින් / බැසිල් රාජපක්ෂ කියයි

2015 දී යහපාලන රජයට එක්වී යළි පැමිණෙනන් පිළිගන්නා නමුත් ඔවුන් වැළද නොගන්නා බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජා-ඇළ වැලිගම්පිටිය සමීර හෝටලයේ පැවැති මහජන හමුවකට සහභාගි වෙමින්.

අපේ අඩුපාඩු තිබෙනවා .ඒක අප පිළිගන්න ඕනෑ. අපේ අඩුව තිබුණයි කියා ජනතාව ඉවත් කරන්න බැහැ. පොඩි දෙයක් වැරදුනාම ජනතාව ලොකුවට හිතනවා. ලෝකේම ලොකු වසංගතයක් තිබෙනවා. සමහරු ඉන්නවා වසංගතයක් කොහොන් හෝ මතුවුනොත් ජන්දය දින්නා වගේ. යුද්ධය කාලේ අපේ රණවිරුවන් මැරුනාම සමහර අය සතුටු වුණා. අන්න ඒ වාගේ. කොව්ඩ් -19 වසංගතය දරුණුම වසංගතයක්. මිතොටමුල්ලේ කුණු කන්දට යටවී මරුණා .ලෝකේ ප්‍රථම වතාවට.එතනත් එක ගමයි . මාවනැල්ල නාය ගියා .ගෙවල් කිහිපයක් කැඩුණා.නමුත් මේ එක තැනකවත් අඩුගානේ බත් වේලක් දෙන්න බැරිවුණා. නමුත් මේ රටේ ඉන්න පවුල් පනස් අට ලක්ෂයයි.එයින් හැත්තෑ ලක්ෂයකට රුපියල් 5000 දුන්නා .එහෙමයි අපේ රාජ්‍යතන්ත්‍රය .අපි එක් අයෙකුගෙවත් නම් කැපුවේ නැහැ. ඉල්ලු සියළු දෙනාටම පන්දාහ දුන්නා.දැන් විසිදාහ ගැන කතා කරනවා.

පාතාලය මර්දනය කරන්න, කුඩු කාරයන්ගෙන් රට ආරක්ෂා කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණයි.නමුත් මේ රටේ ජනතාව පත්කර ගත්තේ රාජපක්ෂ කෙනෙක්.එය පනත්වලින් වෙනස් කරන්න බැහැ.ජනතාවගේ හදවත්වල ජීවත්වන නිසා .අපි ඒකෙන් අයුුතු ප්‍රයෝජන ගන්න හොඳ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොහොමද හැදුවේ.ගමින් ගමට ගොස් විස්සේ කමිටු හැදුවා.ශාඛා සමිති ඊට පසු හැදුවා . නමුත් අපි පක්ෂය හැදුවා .දැන් පක්ෂය ඉතාම ශක්තිමත් . ප්‍රාදේශීය පළාත් සභා ජන්දය දිනුවා. ලෝකයේ දේශපාලන පක්ෂයක් තිබෙනවා නම් කියන්න මෙතරම් කෙටි කාලයක් තුළ ජාතික මැතිවරණ තුනක් එක දිගට දිනපු පක්ෂයක් තිබෙනවා නම් කියන්න. ඒ පොහොට්ටුව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

ජනාධිපතිතුමා කාටවත් මඩ ගහන්නැහැ . නමුත් වැඩ කරනවා.තමුන්ගේ ගෙදරට එක වැසිකිළියක් නැති හාර ලක්ෂ දාහත්දාස් අටසිය ගාණක් ඉන්නවා. ළිදක් පයිපයක් නැති ලක්ෂ තුනකට වැඩි පිරිසක් ඉන්නවා. තුන්වේල කාලා හිසට සෙවණක් දෙන පවුලක් ,හොඳ ආදායම් මාර්ග ඇති කර කාන්තාවන් ශක්තිමත් කොට ගන්න වැඩ පිළිවෙළක් දියත් කරන්න ඕනැ.මේ රටේ ආර්ථිකය නංවන්න විශාල දායක්ත්වයක් දෙනනේ මේ රටේ කාන්තාවන් .ඔවුන්ගේ ආර්ථිකය ශත්තිමත් කරන්න ජිවනෝපායවල් ඇති කරන්න පියවර ගතයුතුයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish