ජන්ද පෙට්ටි බෙදා හැරීම සාර්ථකව

හෙට (05) පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන් ඡන්ද පෙට්ටි බෙදාහැරීම අද උදෑසන සිට දිවයින පුරා ආරම්භ විය.

දිවයිනෙහි දිස්ත්‍රික්ක 22ක ඡන්ද මධ්‍යස්ථාන 12985ක් පුරා ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විටද සිදුවෙමින් පවතී. අද දින (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසමේ සභාපතිවරයා පැවසුවේ අදාළ ඡන්ද මධ්‍යස්ථාන වෙත නිලධාරීන්ගේ පැමිණීම යහපත් තත්ත්වයක පවතින බවයි. එමෙන්ම මැතිවරණයට අදාල ඡන්ද පෙට්ටි බෙදාහැරීම නිසි ආරක්ෂක ක්‍රමවේද යටතේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සිදුවන බවද, ආරක්ෂාව සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැති බවද මැතිවරණ කොමසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish