ඡන්ද මධ්‍යස්ථාන සම්පූර්ණයෙන් ම සෞඛ්‍යාරක්ෂිතයි

ඡන්ද පොළ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොමැති බවත්, ඡන්දපොළ සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂිත බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ සමස්ත ඡන්ද දායකයින් එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අටසිය අසූ පහක් ලෙස ලියාපදිංචී වී සිටින ඡන්ද දායකයින්ගෙන් එක්කොටි තිස් ලක්ෂයක්වත් එනම් අවම වශයෙන් 80%කට වඩා ප්‍රමාණයක්වත් ඡන්දයට භාවිතා කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. එහිදී බිය සැකයකින් තොරව ඡන්ද පොළ වෙත පැමිණෙන ලෙස ඔහු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක්ද කළේය.

එමෙන්ම ඡන්දය සඳහා රාජකාරි කටයුතුවල යෙදී සිටින රජයේ සේවකයන්ද ඡන්ද කටයුතුවලට පැමිණීමට මැළිකමක් දක්වන බවත්, එසේ රාජකාරි කිරීමට බිය විය යුතු නැති බවත්, කිසිඳු බියකින් තොරව කටයුතු කිරීමට තරම් ඡන්ද පොළ කොරෝනාවලින් ආරක්ෂිත බවත්, එය ඕනෑම පොදු ස්ථානයකට වඩා ආරක්ෂිත බවත්, දේශප්‍රිය මහතා පැවසීය.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish