මහ මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම ඇරඹෙයි

2020 මහ මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කිරීම අද පෙරවරු 7ට ආරම්භ වුණා. මේ ශ්‍රී ලංකාවේ දහසය වන පාර්ලිමේන්තු මැතිවරණයයි. කොරෝනා ව්‍යසනයත් සමඟ මෙවර ඡන්ද විමසීම ද විශේෂත්වයක් ගනු ලබනවා. ඒ නිරෝධායන නීතිවලට ද අනුකූලවෙමින් ඡන්දය පැවැත්වීම නිසායි.

පෙරවරු 7ට ආරම්භ වූ ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 5ටයි.

පිළිගත් දේශපාලන පක්ෂ 20ක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක්ද සමඟින් අපේක්ෂකයන් හත්දහස් හාරසිය පනස් දෙදෙනෙකු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මැතිවරණ දිස්ත්‍රික් 22 කදී එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූ පස් දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද කොට්ඨාස 12774කට අයත් මධ්‍යස්ථාන 12985කදී ඡන්ද විමසීම සිදු කෙරෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish