ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සමග පොලිස් භට පිරිස් මෙම කටයුතු සඳහා යොදවා ඇති බවයි.

මැතිවරණ කොමිසම ලබාදී ඇති උපදෙස් අනුව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළා.

දිවයින පුරා ජංගම සංචාර හා මාර්ග බාධක ද ක්‍රියාත්මකයි.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.