හොංකොං හී නව නීතිය දැඩි අර්බුධයක ?

Sri Lanka

ඕනෑම පුද්ගලයකුට නගරයෙන් පිටවීම වැළැක්වීම සඳහා ආගමන විගමන අධ්‍යක්ෂවරයාට බලය ලබා දිය හැකි ආකාරයෙන් ඉදිරිපත්වූ හොංකොං රජයේ නව යෝජනාවක් ගැඹුරින් සලකා බලන බව එරට නීති සම්පාදකයන් පවසනවා.
මෙම නීතිය පිළිබඳව අනතුරු අඟවමින් හොංකොං නීතීඥ සංගමය පැවසුවේ මෙමඟින් ඕනෑම පුද්ගලයෙකුට (හොංකොං පදිංචිකරුවෙකුට හෝ නොවන) හොංකොං කලාපයෙන් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ හැකි බවයි.
පසුගිය ජුනි මාසයේදී නව ජාතික ආරක්ෂක නීතිය පැනවූ දිනයේ සිට වැඩි වැඩියෙන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් සහ දේශපාලන ක්‍රියාකාරීන් හොංකොං කලාපයෙන් පලා ගොස් තිඛෙනවා.
ඒ චීනය විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීම සදහායි.
දේශපාලන අර්ුධය මත හොංකොං වැසියන් රට හැර යමින් පවතින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එක්සත් රාජධානිය, කැනඩාව සහ තායිවානය ඇතුළු රටවලට ගමන් කරමින් සිටිනවා.
හොංකොං නගර පාලනය විසින් පුද්ගලයකු නගරයෙන් පිටව යාම වැළැක්වීම සඳහා සංක්‍රමණ අධ්‍යක්ෂවරයාට බලය පැවරීම සඳහා පවත්නා නීතියක් සංශෝධනය කිරීමට යෝජනා කළේ ඒ සදහා අධිකරණ නියෝගයක් අනවශ්‍ය බව පවසමිනුයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *