පරාජයෙන් පසු එජාපයේ විශේෂ සාකච්ජාවක්

මෙවර මැතිවරණ ප්‍රතිඵල වලට අනුව එක්සත් ජාතික පක්ෂයේ පරාජය කැපී පෙනෙනවා. ජාතික දේශපාලනයේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයෙන් එක් ආසනයක් හෝ ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නැහැ. හිමිව ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූරයක් පමණයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උපනායක රවී කරුණානායක යන මහත්වරුන් මෙන්ම නවීන් දිසානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, පාලිත තෙවරප්පෙරුම, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රබලයන් රැසක් මෙවර මැතිවරණයෙන් පරාජයට පත් වුණා. 1977 සිටම පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජය විශේෂයෙන් කැපී පෙනෙනවා.

මේ අතර සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බව ද වාර්තා වනවා. ඒ සදහා පක්ෂයේ හිටපු මන්ත්‍රිවරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish