ඇමති මණ්ඩලයේ දිවුරුම්දීමට මඟුල් මඩුව සූදානම්

නව රජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

මහ මැතිවරණයෙන් පත් වූ නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත්තේ අනිද්දායි.  අභිමානවත් එහෙත් චාම් අයුරින් මෙම උත්සවය සංවිධාන කිරීමට රජය තීරණය කර තිබෙනවා. දිවුරුම්දීමේ උත්සවය සඳහා මඟුල් මඩුව සූදානම් කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට අද පැමිණියා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish