කොරෝනා ආසාදිතයන් ගණන 2844 යි

මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (09) දිනයේ අලුතින් හඳුනාගැණුනු ආසාදිතයින් තිදෙනා ද සමගයි.

ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියා වේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයින් දෙදෙනා සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් දෙදෙනෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ව සඳහන් කළේය.

මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 254 කි.

සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2579ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර අද (10) අලුයම කටාර් රාජ්‍යයේ හා ජපානයයේ සිට ශ්‍රී ලාංකිකයින් 176 දෙනෙකු දිවයින්ට පැමිණ තිබේ.

එමෙන්ම ඊයේ රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියේ ය.

මෙරටට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයන් පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish