කොරෝනා අවදානම තවම තිබෙනවා / වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර

කොරෝනා අවදානම තවමත් මේ රටින් පහවෙලා  ගිහින් නැහැ. තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, මීටරයක පරතරය තබා ගැනීම, සබන් යොදා දෑත් පිරිසිදු කර ගැනීම වැනි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යෑම ඉතාම වැදගත්’’ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා

‘‘දැන් ජනතාවට සෞඛ්‍ය පුරුදු අමතක වෙලා. කොරෝනා අවදානම තවමත් මේ රටින් පහවෙලා ගිහින් නැහැ. මේ සමාජය තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොපමණ කොරෝනා රෝගීන් සිටිනවාද අපි හරියටම දන්නේ නැහැ. කොරෝනා තත්ත්වය පහවෙලා ගිහින් තියෙන්නේ කියලා කියන්න අපි ඒක සීයට සීයක්ම තහවුරු කර ගන්න ඕනෑ.

ජනතාව විශේෂයෙන් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරන්න ඕනෑ. මේක සැහැල්ලූට ගන්න එපා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish