පාසල් පැවැත්වීම පැනවූ සීමා ඉවත් කරයි

සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදී තිබූ උපදෙස් මාලාව සංශෝධනය කර තිබෙනවා.

ඊට අදාළ දැනුවත් කිරීම් මේ වනවිටත් විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති බවයි අමාත්‍යාංශ සඳහන් කළේ.

සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකිරීමේදී මෙතෙක් ඒ සඳහා දින වෙන්කර තිබුණා. පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් පනවා තිබූ සීමා ලිහිල් කිරීමටයි අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වා යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බවයි අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දෙන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish