නව ආණ්ඩුවේ දෙවන කැබිනට් රැස්වීම අද පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිද වැටීමට අදාළ විශේෂඥ කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කළා. විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා සදහන් කළේ තම අමාත්‍යාංශයෙන් අදාළ වරද සිදු වී ඇත්නම් තමන් අමාත්‍ය ධුරයෙන් වහා ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි.

ඉදිරියේදී කැබිනට් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම බදාදා දිනකම පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අද රැස් වූ කැබිනට් මණ්ඩලයට අමාත්‍යාංශ රැසක කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කෙරුණා. ජාතික විදුලිබල පද්ධතියේ සිදු වූ හදිසි බිදවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාවද අද පැවැත්වුණු කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. නව දෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් මෙම වාර්තාව සකස් කර තිබූ අතර එමගින් විදුලිය බිද වැටීමේ සිද්ධියට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් සවිස්තර විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මේ අතර ලබන මස පළමුවෙනිදා සිට දෙසැම්බර් මාසය දක්වා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළා. එම අතුරු සම්මත ගිණුම පිළිබද විවාදය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අනිද්දා පස්වරුවේ ඡන්ද විමසීමක් සහිතව හෝ රහිතව අතුරු සම්මත ගිණුම සම්මත කර ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඉදිරි මාස හතරක කාලය සදහා එම ගිණුමෙන් රුපියල් බිලියන එක්දහස් හත්සිය හතළිස් හතයි දශම හයයි අටක මුදලක් වෙන් කර තිබෙනවා.

කෝවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහජන ගැලරිය නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සදහා විවෘත කිරීම අත්හිටුවා තිබෙනවා. සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.