ඝාතනය කළ බව කියන කල්ලාරු ඇතාගේ සිරුරු කොටස් හමුවෙයි

තන්තිරිමලේ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් වූ ඇත් දළ යුගල අයත් බව සැලකෙන විල්පත්තුවේ ජීවත්වූ කල්ලාරු ඇතාගේ බව කියන සිරුරු කොටස් සොයාගෙන තිබෙනවා.
ඒ සිලාවතුර ප්‍රදේශයේදීයි.
මෙම ඇතා දැනට මාස 8 ක පමණ සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයේ හෝ ඒ අවට දක්නට නොලැබුණු අතර හමුදාව සහ ඒ අවට පොලිස් ස්ථාන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකර තිබුණා.
අඩි 4 යි අඟල් 7 ක දිගින් යුත් ඇත් දළ යුගල සමඟ සැකකරුවන් තුන්දෙනෙකු දෙසැම්බර් 29 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ අනුරාධපුර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ වෙත ලද තොරතුරකට අනුවයි.
ඉන් එක් සැකකරුවෙකු මල්වතු ඔය පාලම අසලදී අත්අඩංගුවට ගත් අතර ඉතිරි දෙදෙනා සිලාවතුර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගැණුනා.
ඒ අතරට සිලාවතුර පොලිස් වසමේ සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයා සිටීම ද විශේෂත්වයක්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.