පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිහය දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව නම් කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී එය නිවේදනය කළා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සභාපතිවරයා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය සභානායක දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් නිල බලයෙන් මෙම කමිටුවේ සාමාජිකයන්.

චමල් රාජපක්ෂ , නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග,මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බද්යුදීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝගනේෂන්, එම් ඒ සුමන්තිරන් සහ අලි සබ්රි යන මන්ත්‍රීවරුන්ද එහි සෙසු සාමාජිකයන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරන්නේ.

8152

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4203

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.