මීගමුව බන්ධනාගාරයේ රැඳවූවන්ට පහසුකම් ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්‍ෂ 10 ක ශරීර ඇප 2 ක් මත අද නිදහස් කෙරුණා. ඒ එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර දැඩි ආන්දෝලනයට ලක් වූ අනුරුද්ධ සම්පායෝගේ අත්අඩංගුවට ගැනීමට සම්බන්ධ CCTV දර්ශන මාධ්‍ය වෙත අද නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළා.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඔහු වෙනුවෙන් අද ඇප ඉල්ලීමක් සිදු කළා. තම සේවාදායකයා වෙත එල්ල වී ඇති චෝදනාවට ඇප පනත අනුව ඇප ලබා දිය හැකි බවයි අධිකරණය හමුවේ නීතිඥවරුන් කියාසිටියේ. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල කළ අතර සම්පායෝ අත්අඩංගුවට ගැනිමේ දී සිදු වු බලපෑම් සම්බන්ධයෙන් ද අධිකරණය හමුවේ කරුණු දැක්වූවා. කෙසේ වෙතත් දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත අනුරුද්ධ සම්පායෝට ඇප ලබා දෙන ලෙසයි. එමෙන්ම සෑම මසකම පළවෙනි හා 3 වන ඉරිදා දෙන කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය සම්පායෝට නියෝග කළා. නඩුවේ අනෙකුත් සැකකරුවන්ට රුපියල් ලක්‍ෂ 6 බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඇප ලබා දීමටයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.