2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට

2020 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා ගෙයින් ගෙට බෙදීම ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ප්‍රතිශෝධන පත්‍රිකා බෙදීම මේ මස අවසානය තෙක් සිදු කරන බවයි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය මේ මාසය දක්වා කල් දැමීමට සිදුවුණා.

මීට පෙර වසරවල එම කටයුතු සිදුවූයේ ජූලි මාසයේදීය.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රතිශෝධන පත්‍රිකා කඩිනමින් නැවත එක් රැස් කීරීම සඳහා ද ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බවයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish