අෆ්රිඞී ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක්වෙයි

ලංකා පී‍්‍රමිය ලීග් සඳහා එක්වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නිල එළිදැක්වීමක් පාකිස්තානයේදී පැවැත්විණි. එ් අනුව එම කණ්ඩායමේ ප‍්‍රධාන විදෙස් කී‍්‍රඩකයා ලෙස පාකිස්තාන සුපිරි තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඞී නම් කර තිබෙන අතර එහි ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස මොයින් ඛාන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

ලංකා පී‍්‍රමීය ලීග් තරගාවලිය පසුගිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් 14 දක්වා පැවැත්වීමට මීට පෙර කටයුතු යොදා තිබුණු අතර ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් එම තරගාවලිය නැවත වරක් කල් දැමිණි. එ් අනුව අදාළ තරගය නැවතත් ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 දක්වා පැවැත්වීමට දින නියම කළ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පෙරේදා (02 වැනිදා* නිවේදනය කර සිටියේය.

කෙසේ වෙතත් ලංකා පී‍්‍රමිය ලීග් තරගාවලිය සඳහා එක්වන කිසිදු කණ්ඩායමක එළි දැක්වීමක් නිල වශයෙන් ශී‍්‍ර ලංකාව තුළදී මේ දක්වා සිදු නොවූ අතර එසේ වුවද නදීම් ඔමාර් විසින් හිමිකාරිත්වය දරණ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ එළිදැක්වීමක් නිල වශයෙන් පාකිස්තානයේ පැවැත්වීම විශේෂ කරුණක් වේ.

මේ අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් ලංකා පී‍්‍රමිය ලීග් තරගාවලිය දඹුල්ල, සූරියවැව සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණ

තුන කේන්ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.