අත්අඩංගුවට ගත් හෙරොයින් කොස්තාපල් ගැන පුළුල් පරීක්ෂණ

ඉන්දියාවේ ධනුෂ්කොඩිහිදී අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදු කෙරෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේ මෙම පොලිස් කොස්තාපල්වරයාගේ සොහොයුරාට අයත් වඩුමඩුවක සඟවා තිබිය දී හොරොයින් මත්කඩු කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනුනා.  ඒ මීගහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට  ලැබුණ තොරතුරකට අනුවයි. මත් කුඩු සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළා. ඒ අනුව වඩු මඩුවේ බෆල් දෙකක සඟවා තිබියදීයී මෙම මත්කුඩු කිලෝ 23 සොයා ගැනුණේ.

වඩු මඩුවේ අයිතිකරු වන සැකකරු පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කරන කොස්තාපල්වරයකු වන තම බාල සොහොයුරා මෙම මත්ද්‍රව්‍ය තමන්ට ලබා දුන් බවයි. සිද්ධියත් සමඟ අතුරුදන්ව සිටි පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේදී මෙසේ අත්අඩංගුවට ගැණුනු බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු ඉන්දියාවට පළාගියේ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහයෝගයෙන් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන සිදුකරනවා.

3363

ආසාදිතයන්

3210

සුවය ලැබූ

140

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish