වනාතවිල්ලුව කැලෑ පාළුවන්ට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලීමක්

වනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ හා ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකගේ සහායෙන් කිසියම් පිරිසක් විසින් මෙම වන විනාශය සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බව එම පරිසර සංවිධාන පවසන්නේ.

වනාතවිල්ලුව කුරටියාමොට්ට ප්‍රදේශයේ පිහිටි වසර සිය ගනණක් පැරණි මෙම වනාන්තර පද්ධතිය දේශපාලඥයින්ගේ ආධාර අනුබල ඇතිව විනාශ කර ඇති බව වයඹ පරිසර හඬ සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් ප්‍රකාශ කළා.

පුත්තලම දිස්ත්‍රික්කය පුරා මේ වන විට පරිසර විනාශය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මේ සියලු පරිසර විනාශයන් පසුපස දේශපාලඥයින් හා ඔවුන්ගේ ගොල බාලයින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් හරිත පරපුර පරිසර සංවිධානයේ කැඳවුම්කරු දිලංක සේනානායක මහතා අනාවරණ කරනවා.

3363

ආසාදිතයන්

3210

සුවය ලැබූ

140

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish