විදෙස් කී‍්‍රඩකයෝ 190ක් එල්පීඑල් එන්න ඉල්ලයි

ලංකා පී‍්‍රමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සඳහා කී‍්‍රඩා කිරීමට විදෙස් කී‍්‍රඩකයින් 190 දෙනෙකු කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එ් අනුව එම කී‍්‍රඩකයින් අතර ලොව අංක එකේ කී‍්‍රඩකයින්ද සිටින බවත් ලංකා පී‍්‍රමිය ලීග් තරගාවලිය සඳහා ඉන් කී‍්‍රඩකයින් 30 දෙනකු පමණක් තොරා ගැනීමට නියමිත බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

ලංකා පී‍්‍රමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිත වේ. කී‍්‍රඩකයින් 16 දෙනකුගෙන් යුත් එක් කණ්ඩායමකට විදේස් කී‍්‍රඩකයින් 6 දෙනෙකු පමණක් ඇතුළත් විය යුතු අතර එක් අවස්ථාවකදී ඉන් කී‍්‍රඩා කිරීමට හැකියාව අත්තේ කී‍්‍රඩකයින් 4 දෙනකුට පමණකි.

කෙසේ වෙතත් මේ වන විට එල්පීඑල් කී‍්‍රඩා කිරීමට විදෙස් කී‍්‍රඩකයින් 190ක් පමණ කැමත්ත ප‍්‍රකාශ කර ඇති බවත් ඉන් 30 දෙනකු පමණක් තෝරාගෙන මෙම මස අග වෙද්දී අදාළ කී‍්‍රඩකයන්ගේ නම් වෙන්දේසිය සඳහා ප‍්‍රසිද්ධ කරන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය කියා සිටී.

මේ අතර එල්පීඑල් තරගාවලියේ නම් කරන ලද පළමු කණ්ඩායම වන ගෝල් ග්ලැඩියේට්ර් කණ්ඩායම නිල වශයෙන් පසුගිය 02 වැනිදා පාකිස්තානයේදී එළි දැක්වීය. එ් අනුව ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ප‍්‍රධාන විදෙස් කී‍්‍රඩකයා ලෙස පාකිස්තාන තුන් ඉරියව් කී‍්‍රඩක සහීඞ් අෆ්රිඞී නම් කර තිබේ. එම කණ්ඩායමේ හිමිකාරීත්වය නදීම් ඔමාර් විසින් දරන අතර මොයින් ඛාන් ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරනු ලබයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish