ආර්ථික ප‍්‍රපාතයෙන් ගොඩ ඒමට ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුයි

මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ  රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති  අජිත් නිවාඞ් කබ්රාල්

දැන් මට අලූත් කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒක තමයි මේ ආර්ථිකය දැන් තියෙන ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම. ඒකට මම වෙහෙස වෙනවා. ඒ වුණාට අර වැරදි කරපු අයගේ පස්සෙන් පන්නන්න මම යන්නේ නැහැ. ඒක මගේ කාර්යභාරයක් නෙවෙයි. ඒක පිටුපස්සේ යන්න ඕන අය ඒ පිටිපස්සේ යන්න ඕන. මම මේ ගැන සැලකිල්ලෙන් ඉන්නවා. මම ඒක අතහැරලා නැහැ.

අජිත් නිවාඞ් කබ්රාල් මහතා වත්මන් ගෝඨාභය රාජපක්ෂ රජයේ මුදල් රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස පත්ව සිටී. ඔහුගේ අමාත්‍ය ධුරය නම් කර තිබෙන්නේ මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ දීර්ඝ කාලයක් රටේ මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ වරලත් ගණකාධිකාරිවරයෙකු ද වන කබ්රාල් මහතා පසුගිය යහපාලන රජය සමයේ දී බැඳුම්කර මගඩිය ගැන සහ එහි මහා වසං කිරීම ගැන මෙන්ම එම රජයේ අහිතකර ආර්ථික ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් ජනයා දැනුවත් කළේය. පසුගිය මහ මැතිවරණයෙන් පසු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් වූ කබ්රාල් මහතා පසුගියදා මුදල් හා
ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ දී නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය. පහතින් සටහන් වන්නේ ඔහුගේ අමාත්‍ය ධුරයේ ඉදිරි කාර්යභාරය සහ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමේ අභියෝගය ‘දිවයින’ ඇසූ ප‍්‍රශ්නවලට රාජ්‍ය ඇමැති කබ්රාල් පිළිතුරු ලබා දුන් අයුරුයි.

ප‍්‍රශ්නය – ඔබේ රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු ආරම්භ කරලා කොහොමද ඔබ දැන් එහි ඉදිරි ගමන සැලසුම් කරලා තියෙන්නේරැ

පිළිතුර – සාමාන්‍යයෙන් මුදල් ඇමැතිවරයා යටතේ කටයුතු කෙරීගෙන යනවා. එතැනින් එහාට යම් ප‍්‍රමුඛතාවන් ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. එතුමාගේ ගැසට් පත‍්‍රයේ ඒ ප‍්‍රමුඛතාවන් මොනවද කියා දක්වා තිබෙනවා. මුදල් ඇමැතිතුමාගේ ප‍්‍රමුඛතාවන්, රාජ්‍ය ඇමැතිතුමාගෙන් බලාපොරොත්තු වන වගකීම් සහ ප‍්‍රමුඛතාවන් ඉතාමත්ම පැහැදිලි ලෙස පෙන්වල දීල තියෙනවා. උදාහරණයක් ලෙස වැටී තිබෙන මූල්‍ය අංශයේ ආයතන නංවාලීම. ඒක විශේෂ කාර්යභාරයක් හැටියට පෙන්වල දීල තියෙනවා. අපි දැක්ක පසුගිය කාලයේ මහ බැංකුව කටයුතු කළ ආකාරයෙන් ඒවා වැටෙන්න ඉඩ දීල තියෙනවා. පසුගිය කාලය තුළ දී ආයතන පහක් වැටෙන්න ඉඩ දීල තියෙනවා. මම හිතන්නේ ඒක සෑහෙන ලොකු බරපතළ ප‍්‍රශ්නයක්.

ප‍්‍රශ්නය – ඔබතුමා වැඩ භාරගත්ත දවසෙත් කිව්වා මූල්‍ය ආයතන ශක්තිමත් කරනවා කියල. වැටෙන්න තියන ආයතන රැුකගෙන ඉදිරියට යනවා කියල. නමුත් සමහර ආයතන ඈවර කරන්න තීරණය කරලා අවසන් නේද මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්. ඔබතුමා මූල්‍ය ආයතන ශක්තිමත් කරනවා කියල අදහස් කරන්නේරැ

fea8 1පිළිතුර – ඒ ඔක්කොම. මම හිතන්නේ මෙතන දුර්වලතාවන් තියෙනවා. මම හිතන්නේ මුදල් මණ්ඩලය හදිසි වෙලා තියෙනවා. මුදල් මණ්ඩලය කරපු කාර්යය පිළිබඳව මම පුද්ගලිකව සෑහීමට පත් වෙන්නේ නැහැ. ඒ අය මේවා දුර්වල වෙන්න ඉඩ දීල තියෙනවා. මම කියන්නේ පසුගිය කාලය තුළදී සිදු වූ දේවල්. මහ බැංකුවේ සමහර නිලධාරීනුත් ඒවාට වගකියන්න ඕන. අපි ඒවා ගැන හොයල බලනවා. හොයල බලල ඒ වගකිවයුතු නිලධාරීන්ට ඇයි ඒගොල්ලෝ එහෙම කළේ කියල අපි හොයනවා. මොකද ඒවා සිදු වෙන්න ඕන දේවල් නෙවෙයි. මහ බැංකුවේ එක මූලික කාර්යභාරයක් තමයි මූල්‍ය ආයතන රැුක ගැනීමත්, අනිත් එක මූල්‍ය පද්ධතිය ස්ථායිව පවත්වාගෙන යෑමත්. ඉතින් ඒක පවත්වාගෙන ගියේ නැත්තේ කවුද කියල අහන්න ඕන. ඇයි එහෙම වුණේ කියල බලන්න ඕන. ඒවා ගැන අපි හොයල බලන්න ඕන. ඒක යථා කාලයේ දී සිදු වේවි. ඒවා සිදුවෙන ගමන්ම මට දැන් තියෙන කාර්යභාරය තමයි ජනාධිපතිතුමා ගැසට් පත‍්‍රයෙන්ම නිවේදනය කරලා තියෙන ආකාරයට මේවා නැවත ක‍්‍රියාත්මක කිරීම. මහ බැංකුවේ සමහර නිලධාරීන් ඉන්නවා ඒවා ගැන කැක්කුමක් තියෙන. ඒ අය එක්කත් කටයුතු කරලා ඒවා නැවත ස්ථාපනය කිරීමටත් ඒවා නැවත නංවා සිටීමටත් අපි කටයුතු කරනවා.

ප‍්‍රශ්නය – ඔබතුමා අපි දැක්ක නිලධාරියෙක් ලෙස සෑහෙන කාලයක්. ඒවගේම පසුගිය වසර කිහිපයේ අපි ඔබව දැක්ක මහා සටන් කරුවක් ලෙස බැඳුම්කර මගඩිය ගැන පොත් ලියනව, දේශනා පවත්වනවා. දැන් ඔබතුමාගේ අමාත්‍යංශයට ප‍්‍රාග්ධන වෙළෙඳපොළ කියන විෂය ඇවිත් තියෙනවා. බැඳුම්කර අයිති වෙන්නේ ඒකට. දැන් මේ බැඳුම්කර මගඩිය ගැන වර්තමාන ආණ්ඩුව නිහඬයි, ඞීල් දාල කියල කියනවා. වගකිවයුත්තන් නිදැල්ලේ. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගන්න බැහැ දැන් ඔබතුමාලා කරපු චෝදනාවලට අදාළ දේවල් නිවැරදි කිරීමේ වගකීමත් ඔබතුමාලා අතටම පත්වෙලා තියෙනවාරැ

පිළිතුර – මම හඬ නැගුවා. ඒ ගැන තොරතුරු ඉදිරිපත් කළා. ඒ ගැන පොත් ලිව්වා. ඒ ගැන සාක්ෂි ඉදිරිපත් කළා. ඒ ඔක්කොම කළා. හැබැයි මම පොලිස්කාරයෙක් නෙවෙයි. මම වෘත්තිකයෙක්. මගේ කාර්යභාරය මම ඉටු කරලා තියෙනවා. මම දැනුත් හඬ නගනවා. අනිත් එක ඒ කටයුත්තට මම සම්බන්ධ නැහැ. එනම් නීතිය ක‍්‍රියාත්මක කිරීම මගේ යටතට පැවරෙන්නේ නැහැ. නීතිය ක‍්‍රියාත්මක කරන්න මම බාධා කරන්නෙත් නැහැ. නීතිය ක‍්‍රියාත්මක කරන්න මම බලපෑමක් කරන්නෙත් නැහැ. ඒක ස්වාධීන කටයුත්තක්. ඒ කටයුත්ත ඒ විදියට සිදුවෙන එක තමයි අවශ්‍ය. ඉතින් මගේ යුතුකම මම ඉෂ්ඨ කරලා තයෙනවා. මම හැම පැත්තකින්ම සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන කෙනෙකුට පහසු වෙන විදියට. ඒ කොටස මම ඒ විදියට කළා වගේම ඉදිරියේදීත් අපිට දැන් කාර්යභාරයක් කරන්න පත් වෙලා තියෙනවා. දැන් ඔබ කිව්වා වගේ මගේ ඒ කාර්යභාරය මම ඉෂ්ඨ කළා කියල මම හිතනවා.

දැන් මට අලූත් කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඒක තමයි මේ ආර්ථිකය දැන් තියෙන ප‍්‍රපාතයෙන් ගොඩ ගැනීම. ඒකට මම වෙහෙස වෙනවා. ඒ වුණාට අර වැරදි කරපු අයගේ පස්සෙන් පන්නන්න මම යන්නේ නැහැ. ඒක මගේ කාර්යභාරයක් නෙවෙයි. ඒක පිටුපස්සේ යන්න ඕන අය ඒ පිටිපස්සේ යන්න ඕන. මම මේ ගැන සැලකිල්ලෙන් ඉන්නවා. මම ඒක අතහැරලා නැහැ. නමුත් මම ඒක දැන් සෘජුවම මැදිහත් වෙන්නේ නැත්තේ දැන් එය මගේ කාර්යභාරය නොවෙන නිසා.

ප‍්‍රශ්නය – අපි ඩොලර් බිලියන 13 කට අධික විදේශ ණය බරක් තියෙන රටක්. විදේශ රැුකියා අපේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක්. ඒ වගේම රුපියල ශක්තිමත් කිරීම ඔබතුමා හැමදාම ප‍්‍රිය කරපු දෙයක්. මේක විශාල අභියෝගයක්. ඒක ඔබතුමාගේ කාර්යභාරයට අයත් නේදරැ

පිළිතුර – ඔව් මම පිළිගන්නවා. මේක අපේ කාර්යභාරයක්. පසුගිය කාලේදී ආර්ථිකය සෑහෙන දුර්වල වෙලා තියෙනවා. 2014 දී අපේ අරමුණ තිබුණේ 2020 වෙනකොට මේ රටේ විදෙස් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් දක්වා වැඩි කර ගැනීමට. ඒ කාලේ ඩොලර් බිලියන අටක් තිබුණ. එම වසර පහ තුළදී ඩොලර් බිලියන 8 ඩොලර් බිලියන 15 දක්වා වැඩි කර ගැනීම තමයි අපේ තිබුණ අරමුණ. නමුත් යහපාලනයේ අය ආණ්ඩුව අපට භාර දෙනකොට ඩොලර් බිලියන හතයි බාර දුන්නේ. තිබුණු ගණනටත් වඩා අඩුවෙන් අපට භාර දුන්නේ 2019 අගදී. එතකොට ඒක ලොකු අභියෝගයක්. ඒ වුණාට අපි ඒක භාර අරන් තියෙනවා. අපිට ඒකෙන් පැනල යන්න බැහැනේ. ඒ දුර්වල ආර්ථිකය වුණත් ඒක වර්ධනය කරගෙන යන්න තමයි අපට තියෙන්නේ. අභියෝග මැද්දේ වුවත් අපට දැන් ඒක කරන්න වෙනවා. සෑහෙන දරුණු අභියෝගයක්. මම දන්නවා ඒ ගැන. ඒ නිසා ඉතාමත්ම ශීග‍්‍රයෙන් අපි ක‍්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. ඒ අවදානම අඩු කරගෙන යන්නට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒකට අවශ්‍ය සාකච්ජාවන් අපි තිබ්බා විවිධ ආයතනත් සමග. එහෙම කතාකරගෙන තමයි යන්න ඕන. ඒකට අවශ්‍ය සැලසුම් අප තවදුරටත් ඉලක්ක කරගන්න අවශ්‍යයි. පසුගිය වසර පහ තුළ දී. අපේ රට කෙරෙහි තිබුණු විශ්වසනීයත්වය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඒක නැවත ස්ථාපනය කර ගැනීමට සෑහෙන මහන්සියක් දැරීමට අවශ්‍යයි. ඒ සඳහා අපි දැන් යොමු වෙලා තියෙන්නේ.

ප‍්‍රශ්නය – ඔබතුමා දීර්ඝ කාලයක් මහ බැංකු අධිපතිතුමා ලෙස කටයුතු කළා. ඔබතුමා ඊට පෙර දේශපාලනය කරලා තියෙනවා. දැන් ඔබතුමා පත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වෙලා. ඊට පසු මේ රටේ රාජ්‍ය මුදල් ඇමැතිවරයා බවට පත් වෙලා තියෙනවා. ලංකාවේ අපි මීට පෙර අහලා නැහැ මහ බැංකු අධිපතිවරයෙකු පසුව රජයේ ඇමැතිවරයෙකු බවට පත්වෙලා තියෙන බවක්. ඔබතුමා ප‍්‍රථම වතාවට ඒ තත්ත්වයට පත්වීම ගැන ඔබට කුමක්ද හැෙඟන්නේරැ

පිළිතුර – ඒක දෛවෝපගත සිදු වීමක්. මට පේන හැටියට මෙවැනි වගකීමක් භාර ගනිද්දී පසුගිය කාලයේ ලබපු අත්දැකීම් හරි වැදගත්. මහා බැංකු අධිපතිවරයා ලෙස වසර 9 ක් පමණ ඉන්න විටදී රටේ ආර්ථිකය පිළිබඳව සෑහෙන ගැඹුරු අධ්‍යනයක් මට කරන්න පුළුවන් වෙලා තිබුණා. ඒත් එක්කම රටේ ආර්ථික තත්ත්වය ගැන ඉතාමත්ම පුළුල් දැනුමක් ලබා ගන්නත් මට පුළුවන් වුණා. ඒ දැනුම සහ ඒ ලබපු අත්දැකීම් අද විශේෂයෙන්ම මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙස මට පාවිච්චි කරන්න පුළුවන් වේවි. මම දකින්නේ ඒකෙ වාසිය මට පමණක් නෙවෙයි රටටම වාසියක් වෙයි කියලයි. මම හිතන විදියට ජනාධිපතිතුමයි, අගමැතිතුමයි ඒ ගැන සැලකිලිමත් වෙලා තමයි මට මේ රාජකාරිය භාර දීල තියෙන්නේ. දැන් ඉතාමත්ම අභියෝගමත් වෙලාවක්. ඒ වෙලාවේදී මේ රාජ්‍ය ඇමැති ධුරයේ වගකීම මට භාර දීල තියෙනවා. යම් ප‍්‍රතිඵලයක් රටට ලබා දීමට මට මේ අභියෝගය භාර දීමෙන් මම හිතන්නේ ඒ දෙදෙනාම පෙන්වල දීල තියෙනවා, ඒ ගැන සැලකිලිමත් වෙලා රටට ඒ සේවය කිරීමට මට මේ වගකීම භාර දීල තියෙනවා කියල මට ඉතාම නිහතමානීව පිළිගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – ඔබතුමා පසුගිය කාලේ වියත්මග වෙනුවෙන් රට ගොඩ නැගීමේ දොළොස් වැදෑරුම් ප‍්‍රතිපත්තියක් රටට ඉදිරිපත් කළා. කොවිඞ් ආපදාවෙන් පසුව ඔබතුමා අටවැදෑරුම් ප‍්‍රතිපත්තියක් තව එකතු කළා. දැන් ඔබතුමා මූල්‍ය කටයුතු භාර ලංකාවේ රාජ්‍ය ඇමැතිවරයා. දැන් ඔබතුමාගේ වැඩ රාමුව සැකසෙන්නේ මේ පිළිවෙත අනුවද යන්න අපට පැහැදිලි කර දෙන්නරැ

පිළිතුර – මම ඒ දොළොස්වැදෑරුම් ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කළේ 2019 ඔක්තෝබර් මාසේ. ඊට පසු මම අටවැදෑරුම් සැලැස්මක් ඉදිරිපත් කළා 2020 අපේ‍්‍රල් මාසේ දී. දැන් අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ ඒ කාලය තුළදි යම් වෙනස්කම් වෙලා තියෙනවා. ඒ නිසා ඒ වෙනස්කම් එක්ක, අප ඒ ඉදිරිපත් කරපු සැලසුම් පදනමක් ලෙස භාජන කරලා ඒක නැවත පසු විපරම් කරලා අපට දැන් අවශ්‍ය වෙන තැනට ඒක ගේන්නට ඕන. මම හිතන්නේ ඒක තමයි අපට දැන් තිබෙන අභියෝගය. ඒක පහසු දෙයක් නෙවෙයි. මොකද ඒක දැන් අපට ක‍්‍රියාත්මක කරන්න වෙනවා. ඒ ක‍්‍රියාත්මක කරද්දී අපි ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා කටයුතු කරන්න ඕන. දැන් මේ ගැන තොරතුරු ලබා ගැනීමත් මට පහසුයි. දැන් තියෙන වගකීම අනුව අපට ඒ තොරතුරු නිරතුරුවම ලබාගෙන ඒ තොරතුරුත් එක්ක අපට දැන් යන්න පුළුවන් ගමනක් තියෙනවා. මට හිතෙන්නේ යම් සංශෝධන තියෙයි ඒ සැලැස්මට. අපි දිගටම කිය කිය හිටියේ මේ සැලසුම් පමණයි. මේ සැලසුම්වලට තවත් අලූත් දේවල් එකතු වෙන්න අවශ්‍යයි. එනිසා මට හිතෙන්නේ ඊළඟ මාස දෙක තුන තුළ දී මේ ප‍්‍රශ්නයෙන් ගොඩ එන්නට අපි නිශ්චිත ක‍්‍රියාමාර්ගයකට යොමු වෙනවා. අපට දැන් ආර්ථිකය ගොඩ ගන්නටත් තියෙනවා. කොවිඞ් 19 වසංගතයෙන් සිදු වූ පසුබෑමත් අපට නිරාකරණය කරන්න සිදු වෙනවා. ඒ දෙකම අපට කරන්න තියෙනවා. ඒ ඉලක්ක දෙකම ජය ගැනීමට අපට යන්න තියෙන ගමන ඉතාමත් බැරැරුම් ගමනක්. ඒ වුණත් මම හිතන්නේ හරි සැලසුම් ඉතාමත්ම ඉක්මනින් ක‍්‍රියාත්මක කිරීම තුළින් අපට පුළුවන් වේවි මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට. ඒ සැලසුම් පදනමක් හැටියට පමණයි අපි ඒවා පාවිච්චි කරන්නේ. ඒ නිසා ඒවත් පාවිච්චි කරගෙන තවත් අදහස් ලබාගෙන යන්න අවශ්‍යයි. මහ බැංකුවේ අදහස් තියෙයි. මුදල් අමාත්‍යාංශයේ අයගේ අදහස් තියෙයි. රජයේ ප‍්‍රවීණයන්ගේ සහ ප‍්‍රබලයන්ගේ තවත් අදහස් තියෙයි. ඒ ඔක්කොම එකතු කරගෙන ඊළඟ ගමන යන්න තමයි බලාපොරොත්තුව.

සාකච්ජා කළේ –  ශ්‍යාම් නුවන් ගනේවත්ත,

මනෝජ් අබයදීර

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish