විෂ පෙවූ රුසියානු විපක්ෂනායක කෝමාවෙන් මිදෙයි

විෂ රසායනිකයක් ශරීරගත වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ජර්මනියට රැගෙන ගිය රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි සුවය ලබා තිබෙනවා.

මේ වන විට ඔහු වාචික විධානයන්ට ප්‍රතිචාර දක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ජර්මනියේ වෛද්‍යවරු පවසන්නේ ඔහුට නොවිචොක් නමැති ස්නායු පද්ධතියට සෘජුවම බලපාන රසායනික ද්‍රව්‍යක් ශරීරගත කොට ඇති බවයි. 44 හැවිරිදි ඇලෙක්සි නවාල්නි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන්ගේ ප්‍රතිවාදියා ලෙස සැළකෙනවා. අභ්‍යන්තර ගුවන් ගමනකදී ඔහුට විෂ ශරීරගත කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish